ඇමති විමල්ගෙන් ජනපතිට ඉල්ලීම් දෙකක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළ ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව පිටකරන ලෙස නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි.
මීට අමතරව අළුත්ගම ධර්ගා නගරයේ සහ මහනුවර තෙල්දෙණිය ප්‍රදේශවල ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභා දෙකක් පත්කරන ලෙසට අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ජනාධිපතිගෙන් ඉල්ලීමක් කරන ලදි.
හෝමාගම ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම ඉල්ලීම් කළේය.
මහ බැංකුව මහ දවල් සොරා කෑ මහ සොරාව රකින අනුර කුමාරගේ හෙලුව අද හෙළි වී තිබෙනවා. ලංකාවේ ඉතිහාසයේ මහා සොරකමේ මහ මොළකරු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි. අරජුන මහේන්ද්‍රන් සිංගප්පුරුවට වී සැගවී සිටිනවා. ජනාධිපතිතුමනී සිංගප්පුරු රජය සමඟ වහාම සාකච්චා කර අරජුන මහේන්ද්‍රන්ව කනෙන් අල්ලා මෙරට අධිකරණය හමුවට රැගෙන එන්නට දැන්වත් ක්‍රියාත්මක වන්න කියා අප කියා සිටිනවා.
එළියට නොපැමිණි බැදුම්කර කොමිසමේ කොටස් කිහිපයක් තිබෙනවා. ඇලෝසියස්ගෙන් පගා ගත් නාම ලේඛනය තිබෙනවා. තවත් ඔය ලේඛනය සගවා සිටින්නේ නැතිව දැන්වත් ඔය ලේඛනය එළියට දමන්නැයි ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.
මහින්ද රාජපක්ෂ පාලනය මුස්ලිම් ජනතාව පීඩාවට පත් කළා කියා රවුෆ් හකීම් මහතා කියා සිටිනවා. හකීම් මහතා වසර තුන හමාරක් රනිල් එක්ක ළැඟ ගෙන සිටියාට අලුත්ගම ධර්ගා නගරයේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසන් එකක් දැම්මාද, පූර්ව බලැති කොමිසමක් දමා කවුරුන්ද ඒ ගැටුම නිර්මාණය කළේ කියා සොයා බැලුවාද? අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන්නට කොන්ද පණ තිබ්බේ නැත්තේ ඇයි? පරික්ෂණයක් කළා නම් එන්නේ රනිල් එක්ක ආණ්ඩුව ඇතුළේ ළැඟසිටි ඈයන්ගේ නම් නිසයි.
නව රියන්ගේ නමද, ඔහුගේ පාලනය යටතේ සිටි හිමිනමකගේ නමද, අනික් පැත්තෙන් හකීම්ගේ ගෝලයන්ගේ නම් එළියට එනවා. මේ ගැටුම ඇවිලෙව්වේ ඒ පිරසයි. මහින්ද රාජපක්ෂ පාලනය අස්තාවර කරන්නට නම් මුස්ලිම් ඡන්ද පදනම ගැවීමට ගැටුමක් ඇති කරන්නට ඕනෑ කියා මේ ගැටුම නිර්මාණය කළා.
අලුත්ගම ධර්ගා නගරය ආශ්‍රීතව ඇතිවූ ගැටුම හා පළාත් පාලන මැතිවරණයෙන් පසු මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ සිංහල මුස්ලිම් ගැටුමේ පිටුපස සිටින්නේ කවුරුන්ද කියා සොයන්නට ජනාධිපති කොමිසම් දෙකක් වහාම පත් කරන්න කියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගෙන් අප ඉල්ලා සිටිනවා.
එවිට කාගේ අත්වලද ලේ තියෙන්නේ කියා සොයා ගන්නට හැකියාව ලැබෙයි. මහනුවර සිංහල හා මුස්ලිම් මිනිස්සු මරවා ඒ දේපළ ගිනි බත් කළ ගැටුම නිර්මාණය කළ රනිල් වික්රමසිංහව තමයි අද රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්ලා ආරක්ෂා කරනු ලබන්නේ.”

popular news
-
Champa Tuesday, 27 November 2018 02:12 AM
අවුරුදු 4ක් තිස්සේ රනිල් පනත් කීයක් සම්මත කර ගත්තද? ඒවාට මෛත්‍රීගේ SLFP කාරයෝ විරුද්ධ වුනේ නැහැ. හැම එකම සම්මත කරගත්තේ කැබිනට් එකේ අනුමැතිය සහ ජනාධිපතිගේ අනුමැතිය ඇතුව. තව අලුතෙන් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. හමුදාව පාවා දීපු ජිනීවා ගිවිසුම අවුරුදු 4ක් ගිහිනුත් එහෙමමයි. රනිල් කරපු හැම එකටම මෛත්‍රීත් වග කියන්න ඕනේ.
Reply : 0 0
lion Tuesday, 27 November 2018 05:37 AM
හලෝ ඒ a එක්කම ඔහේගේ කෝටිගණන් හොයපු, නෑයන්ට ගෙවල් බෙදපු, pawlata හොර පාස්පෝර්ට් හදපු නඩුත් ඉක්මන් කරලා ගන්න කිව්වනම් නේද හොඳ කොල්ලෝ.
Reply : 0 0
Batangala Tuesday, 27 November 2018 06:48 AM
ජාතිවාදය නැතිනම් ආත්මයක් නැති ඇමතිකමෙන් තම වරිගය පොහොසත් කරපු මෙයාගේ කතා දැන් ජනතාව සත පහකට ගණන් ගන්නේ නැහැ.
Reply : 0 0
Hemantha Tuesday, 27 November 2018 08:43 AM
එතකොට පාස් පොර්ට් දෙක දෙක තියාගත්ත ඒවා, ඉන්න හිට්ටින්න තැනක් නැතිව ඉදල මාලිගා හදපු හැටි හොයන්නත් කොමිසමක් දාන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
