ඇමති රුවන්ගේ මැදිහත්වීමෙන් තොරතුරු මාසයක් ප්‍රකාශයට
ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමෙී දිනයට සමගාමීව තොරතුරු මාසයක් ප්‍රකාශයට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව සැප්තැම්බර් මස 28 දිනට යෙදෙන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව සැප්තැම්බර් 15 දා සිට ඔක්තෝබර් 15 දා තෙක් තොරතුරු මාසය ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම කාලයේදී ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනත ආශ්රිත ක්‍රියාකාරකම්හි යෙදීමට සියලු රාජ්‍ය ආයතන වෙත උපදෙස් ලබාදිම සඳහා චක්රලේඛයක්ද නිකුත් කිරිමට නියමිතය.
එසේම දිවයින පුරා සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිද සිවිල් පුරවැසියන් දැනුවත් කිරිමේ වැඩසටහන් සංවිධානය කිරීමටත් ‘ගමට තොරතුරු අයිතිය’ මැයෙන් RTI ජංගම සේවාවන් දිස්ත්‍රික් 05ක් තෝරා ගනිමින් ක්‍රියාත්මක කිරීමටත් නියමිතය.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
2016 අගෝස්තු මස 04 දා පාර්ලිමේන්තුවේදී සම්මත කළ 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ මේ වන විට හොඳම සිව්වන පතන ලෙස ශ්‍රේණිගත වී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

