ඇමති රිෂාඩ්ට පෙර පැවැති අමාත්‍යධුරයම
අමාත්‍යධුර වලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අමාත්‍යධුර යළි භාර ගැනීමට තීරණය කළ බවත් ඒ අනුව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාද පෙර පැවැති අමාත්‍යධුරයේම දිවුරුම් දෙනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම් මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යධුර යළි භාර ගැනිමට ගත් තීරණය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“අපි අයින් වුණේ ජාති වාදී නිසා නෙමෙයි. අපේ ජනතාවට ආරක්ෂාවක් දෙන්නයි. අපි කල් දුන්නා මාසයක් ඇතුළත මේ ප්රශ්නය විසඳන්න කියලා. ගොඩක් ප්‍රශ්න තිබුණේ රිෂාඩ් බද්යුදීන් ඇමතිතුමාට.
එයා නිවැරදියි කියලා අපි පෙන්වා දී තිබෙනවා. කැබිනට් මණ්ඩලයේ අපේ ගැන කථා කරන්න හයිය මදි අපිට. අපි තිරණය ගත්තේ කැබිනට් ඇමතිධුර භාර ගන්න කියලා.
ජනපතිතුමා හමුවුණ වෙලාවෙත් අපිට ඇමතිධුර භාර ගන්න කියලා ඉල්ලීමක් කළා.
මල්වත්තේ හාමුදුරුවොත් කිව්වෙ අපිට ඇමතිධුර භාර ගන්න කියලයි. අපි හිටපු අමාත්‍යධුරවලම දිවුරුම් දෙනවා. රිෂාඩ් ඇමතිතුමාත් දිවුරුම් දෙනවා කියලා කිව්වා”

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
