අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය දින උපවාසයක නිරතව සිටි රතන හිමිගේ සුවදුක් විමසිම පිළිබඳව අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිය ට්විටර් ගිණුමේ තබා තිබු සටහන පිළිබඳව තමන් හෙළා දකින බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා අද (04) පැවසීය.
නිමල් ලාන්සා මහතා මේ බව පවසා සිටියේ මීගමුව ප්‍රදේශයේ මාධ්‍යවේදීන් පිරිසක් හමුවු අවස්ථාවකදීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
‘‘අමාත්‍ය මංගල සමරවීර මහතාට මුලින්ම අප කිව යුත්තේ පාස්කු ප්‍රහාරයෙන් වැඩිම හානි සිදුවුයේ මීගමුවේ ජනතාවටයි. ඔවුන් සියලු දෙනා තුළ තිබු වේදනාව මෙතෙක් දුරට හෝ සමනය කළේ අති උතුම් කාදිනල් හිමිපාණන් බව කිව යුතුයි. උන්වහන්සේගේ වටා ශක්තියක් වෙමින් ගරුතර භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් සහාය දැක්වුවා.
රටේ මිනිස්සු වෙනුවෙන් උපවාසයක යෙදුණු රතන හිමියන්ගේ සුවදුක් විමසීමට කාදිනල් තුමන් යෑම ජාතිවාදයට තුඩුදෙන කරුණක් වීමක් බව මංගල සමරවීර මහතා කියා සිටීම කතෝලික අපට වේදනාවක් ඇති කර තිබෙනවා.
නැවතත් මෙවැනි දේ සිද්ධ වන්නේ නම් මීගමුවේ ජනතාව එක්ව මංගල අමාත්‍යවරයාගේ කාර්යාලය වටලා දැඩි විරෝධතාවක් සිදු කිරීමටත් , කතෝලික මන්ත්‍රිවරුන් ඇතුළු පිරිස් සමඟ ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට පසුබට නොවන බව අපි එතුමාට මතක් කර සිටිනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
