ඇතැම් දේශපාලනඥයින් සහ ඇතැම් නිලධාරීන් විසින් සිදුකරනු ලබන දුෂණ හා වංචාවන් නිසා , රට සංවර්ධනය කිරීමට නොහැකිවී ඇති බවත් දුෂණ වංචා නතර කිරීමට හැක්කේ නම් මේ රට වෙනස් කළ හැකි බවත් රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීමකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූ අතර මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
" ජනතාව සතු දේවල් මෙලෙස සොරකම් කරනු ලබන දේශපාලකයින් තෝරාපත් කරගනු ලබන්නේ ජනතාව විසින්මයි. මේ නිසා මැතිවරණවලදී දේශපාලනඥයින් තෝරාපත් කර ගැනීමේදී බුද්ධිමත්ව සිතා බැලිය යුතුයි. අද ජනතාව බුද්ධිමත් නිසා වරක්, දෙවරක් නොව ඡන්දයකදී තෙවරක් සිතා බැලිය යුතුයි.
අද බොහෝ විට සංවර්ධන කටයුතු වලදී බොරු ඇස්තමේන්තු සකස් කොට නිලධාරීන්ද සම්බන්ධ කරගනිමින්, ජනතා මුදල් ගසාකන තත්ත්වයක් පවතින බැවින් මෙම තත්ත්වය නතර කිරීම පිණිස ග්‍රාමීය මට්ටමේ සංවර්ධන කටයුතු වලදී ජනතාවට සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට පියවර ගත යුතුයි. මේ සඳහා ජනතාවට අයිතියක් තිබෙනවා.
රාජ්‍ය නිලධාරීන් අභිමානයෙන් යුතුව තම රාජකාරීන් නිසියාකාරයෙන් ඉටුකළ යුතු අතර දුෂිත දේශපාලනඥයින් පසුපස ගොස් ජනතා මුදල් කාබාසිනියා කිරීමට ඉඩ නොදිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ගම්පහ - තිලකරත්න දිසානායක
