ඇත්ත PADMAN ගෙන් සජිත්ට ප්‍රණාමය
කාන්තාවන්ගේ සනීපාරක්ෂක පහසුකම පිළිබඳව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාජ ව්‍යවසාකයෙක් වන අරුනාචලම් මුරුගනාත්තම් මහතා ප්‍රසාදය පළ කර තිබේ.
ලෝකය පුරාම පෑඩ් මෑන් (Pad Man) ලෙසින් ගෞරවයට පාත්‍ර වූ අරුනාචලම් කානත්වන්ගේ සනීපාරක්ෂක තුවා නිර්මාණය කිරීම වෙනුවෙන් අඩු වියදම් යන්ත්‍ර නිපදවනු ලබයි.
ඔහුගේ ජීවිත කතාව අලලා පෑඩ් මෑන් නමින් සුපිරි රංගන ශිල්පි අක්ෂේ කුමාර් රඟපාන චිත්‍රපටයක්ද නිර්මාණය වූ අතර එය ලොව පුරා අතිශය ජනප්‍රිය වූ අතර එය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් තිරගත වූ චිත්‍රපටයකි.
“ලොව පුරා නායකයින් තමන්ගේ රටවල සංවර්ධනයේදී කාන්තාවන්ගේ සෞඛ්‍ය හා කාන්තාවන්ගේ මාසික සනීපාරක්ෂා කටයුතු වල වැදගත්කම වටහා ගැනීම හොඳ වෙනසක්. ඔවුන් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයන් වලින් විවිධ මුල පිරීමේ මේ වෙනුවෙන් නිවේදනය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්රේමදාසා මහතා දැරිය හැකි ආකාරයේ කාන්තා සනීපාරක්ෂක පහසුකම් ලබාදීම පිළිබඳව කථා කළා. ඔහු ශ්‍රී ලංකාවේ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා. ඔහු තමන්ට පෑඩ්මන් ලෙස හැඳින්වීම ගැන සතුටු වන අතර කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන බවට පොරොන්දු වුණා.
කාන්තාවන්ගේ සනීපාරක්ෂක කටයුතු පිළිබඳව ලෝක නායකයන් තානාපතිවරුන් ලෙස කටයුතු කිරීමට මේ කාලයයි.
දැන් බංග්ලාදේශය ද සරණාගත කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා දැරිය හැකි ආකාරයට සනීපාරක්ෂක පහසුකම් ලබාදීමට කටයුතු කරනවා” යැයි ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් පවසයි.

popular news
-
Sujith Sunday, 03 November 2019 02:16 PM
Wena minissu mona mada gehuwath kaanthawan wenuwen sajith me wage deyak karanawanm godak pin.
Reply : 0 0
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Monday, 04 November 2019 03:24 AM
අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
Reply : 0 1
Champa Monday, 04 November 2019 12:57 PM
මේ දක්වා සජිත් කරපු නන් දෙඩවිලි වලින් වැඩකට ඇති එකම කතාව මේක. ඉන්දියාවේ තරම් දරුණු නැති වුනත් අපේ රටෙත් මේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ කාන්තාවන්ට, සමහර විට පහල මධ්‍යම පන්තියේ පවුලක වුනත් කාන්තාවන් දැරියන් කිහිප දෙනක් ඉන්න පවුලකට වෙළඳපොලෙන් මේවා ගන්න ගිහාම ලොකු වියදමක් යනවා. කවුරු ජනාධිපති වුනත් මේක හොඳ වැඩක්. පාසල් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් මාර්ගයෙන් දිළිඳු සහ අඩු අදායම් පවුල්වල දැරියන් සහ කාන්තාවන් වෙනුවෙන් sanitary pads බෙදා හරින්න පුළුවන්. මේක ඉතාම හොඳ යෝජනාවක්. හැබැයි මේවා ලංකාවේ හදන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ 100% organic cotton වලින්. ඒ වගේම hypoallergenic වෙන්නත් ඕනේ නැත්නම් sensitive skin වලට ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම පාවිච්චියෙන් පසුව dispose කරන හැටිත් කියල දෙන්න ඕනේ. අනිත් කාරණේ තමයි sanitary pads වලට tax ගහන එක නවත්තන්න ඕනේ. එතකොට අනිත් කාන්තාවන්ට වුනත් අඩු මිලට මේවා ගන්න පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

