ආසියානු රටවල්වලට එවන කසළ නැවතත් දියුණු රටවල් වෙතටම
දියුණු රටවල්වලින් ආසියානු රටවල්වෙත එවන කැළි කසළ නැවතත් එම රටවල්වලටම යොමුකිරීමට ආසියානු රටවල් කටයුතු ආරම්භ කර ඇතැයි විදේශීය මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක්ම මේ වන විට තමන්ගේ රටවල්වලට දියුණු රටවල්වලින් එවා තිබූ කැළි කසළ සහිත බහාලුම් නැවතත් එම රටවල්වලටම යොමුකිරීමට කටයුතු කර ඇතැයි ඒ.එෆ්.පී. පුවත් සේවය පවසයි.
ඒ අනුව ඉන්දුනීසියාවට එපා තිබූ අපද්‍රව්‍ය සහිත බහාලුම් ඔවුන් නැවතත් ප්‍රංශය හා හොංකොංවෙත යොමුකර තිබුණි.
2018 වසරේ ජනවාරි මාසයේ සිට චීනය තම රටට විදේශීය රටවල්වලින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගෙන්වීම තහනම් කළේය. චීනය මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට කටයුතු කරමින් සිටියේය.
කෙසේ වෙතත් චීනය ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගෙන්වීම තහනම් කිරීමත් සමග දියුණු රටවල් ඒ වෙනුවට විකල්ප ලෙස වෙනත් ආසියානු රටවල්වලට තම අපද්‍රව්‍ය යොමුකිරිමට කටයුතු කර තිබුණි.
මැයි මාසය අවසානයේදී මැලේසියාවට එවා තිබූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 450ක් යළිත් එම අපද්‍රව්‍ය එවා තිබූ ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, කැනඩාව, ජපානය, සෞදි ආරාබියාව, හා ඇමෙරිකාව වෙත යොමුකිරීමට කටයුතු කළේය.
කැනඩාව විසින් පිලිපීනයට එවා තිබූ අපද්‍රව්‍ය සහිත බහාලුම් 69 ක් පසුගිය ජුනි මස අවසානයේදී ආපසු කැනඩාවට යොමුකිරීමට පිලිපීනය කටයුතු කළේය. මෙම අපද්‍රව්‍ය වසර හයක කාලයක් තිස්සේ පිලිපීනයේ තිබුණි.
කාම්බෝජියාව විසින්ද තමන්ට එවා තිබූ අපද්‍රව්‍ය ටොන් 1600ක් නැවතත් ඇමෙරිකාවට හා කැනඩාවට යොමුකිරීමට කටයුතු කළේය.
මේ අතර ශ්‍රී ලංකාවටද ජුලි මාසයේදී එංගලන්තයෙන් එවා තිබූ අපද්‍රවය සහිත බහාලුම් 111ක් ඒවා එවා තිබූ එංගලන්තය වෙතට යොමුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

