දකුණු කොරියාවේ කොවිඩ්-19 ආසාදන හා මරණ ඉහළ යෑම හේතුවෙන් එරට සෝල් ප්‍රදේශයේ කොවිඩ්-19 වෛරසය සමග සටන් කරන ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට සහාය වීම සඳහා හමුදාවේ, පොලීසියේ සහ රජයේ සේවකයන් 800ක් පමණ මුදාහැරි බව අගමැති චුන්ග් සයි-කියුන් පවසයි.
කොරියානු රෝග පාලන හා නිවාරණ ඒජන්සිය පැවසුවේ ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 689ක් වාර්තා වූ බවය. එම ආසාදිතයන්ගෙන් 673ක් දේශීයව සම්ප්‍රේෂණය වූ අය වන අතර, මුළු ආසාදන සංඛ්‍යාව 40,786ක් විය.
අගනුවර පුරා ස්ථාපනය කර ඇති තාවකාලික කොවිඩ්-19 පරීක්ෂණ මධ්‍යස්ථාන 150 වෙත ගොස් පරීක්ෂාවන් සිදුකර ගන්නා ලෙසද අගමැති ජනතාවගෙන් ඉල්ලා තිබේ. එහි ඉලක්කය වන්නේ තවදුරටත් සම්ප්‍රේෂණය කපා හැරීම සහ සැඟවුණු වෛරස් වාහකයන් සක්‍රීයව සෙවීම බවද ඔහු කීවේය.