එක්සත් ජනපදයේ, නිව්යෝක් ප්‍රාන්තයේ, ලෝන්ග් අයිලන්ඩ් හිදී ආසාදිතයන් 40කට ආසන්න සංඛ්‍යාවක පොකුරක් ඇති කරමින්, උපන්දින සාදයක් සංවිධානය කළ සුපිරි සම්ප්රේෂකයාට ඇ.ඩො.12,000ක (ආසන්න වශයෙන් රු.ලක්ෂ 22ක) දඩ මුදලක් නියම කර තිබේ.
සෆොල්ක් හි සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව විසින් සැප්තැම්බර් 25 වැනි දින මිලර් පෙදෙසේ තානායමේදී මෙම සුපිරි සම්ප්‍රේෂක ඉසව්ව හඳුනාගත් බව එම දෙපාර්තමේන්තුවේ ප්රවෘත්ති නිවේදනයක දැක්වෙයි.
සිසුන් 49ක් සහ වැඩිහිටියන් 32ක් ඇතුළුව 81 දෙනෙකුගෙන් යුතු ආගන්තුකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත්තේ, අත්‍යවශ්‍ය නොවන රැස්වීම් 50 දෙනෙකුට හෝ 50%කට වඩා අඩු ධාරිතාවකට සීමා කරමින් නිව්යෝක් ප්‍රාන්ත බලධාරීන් පනවා තිබූ නියෝග උල්ලංඝනය කරමිනි.
අවසානයේදී සාදයට පැමිණි ආරාධිත අමුත්තන් 29කට පමණ කොවිඩ්-19 වෛරසය වැලඳී ඇති අතර, ගෘහස්ථ සාමාජිකයින් හත් දෙනෙකු සහ සහභාගී වූවන්ගේ එක් සමීප සම්බන්ධතාවකටද ධනාත්මක පරීක්ෂාවන් සිදුකර ඇත. ඒ අනුව මේ වනවිට මෙම අවස්ථාවට අදාළව පුද්ගලයින් 270 දෙනෙකු නිරෝධායනය යටතේ සිටින බව එම නිවේදනයේ දැක්වෙයි.
මෙම සාදයට අදාළව පාසල් 8ක ධනාත්මක සිද්ධීන් වාර්තා කර ඇති අතර, පාසල් 35ක අවම වශයෙන් එක් සිසුවෙකුවත් මෙම සිද්ධියෙන් පීඩාවට පත්ව ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.
"මෙය අතිශය බැරෑරුම් ලෙස නීති උල්ලංඝනය කිරීමක් වන අතර, කොවිඩ්-19 මාර්ගෝපදේශ උල්ඝනය කිරීමෙන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳ පැහැදිලි මතක් කිරීමක්ද විය යුතුයි. මෙම නීතිරීති පවතින්නේ නිව්යෝක් වැසියන් ආරක්ෂාකාරීව තබාගැනීම සඳහා වන අතර, අප සියලු දෙනාටම වගකීමෙන් යුතුව කටයුතු කිරීමට බැඳී සිටින බව සිහිපත් කළ යුතුයි." සෆොල්ක් හි විධායක ස්ටීව් බෙලෝන් නිකුත් කළ ප්රවෘත්ති නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.