නව කොරෝනා වෛරස් වසංගතය ලොව පුරා වේගවත් වන බව පෙන්වන සාධයකයක් ලෙස පසුගිය සතියේ දින හතක ආසාදිතයන් මිලියන 2කට ආසන්න මට්ටමකට ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
සැප්තැම්බර් 20 වනදායින් අවසන් වන සතිය තුළ ලොව පුරා නව කොරෝනා වෛරස ආසාදිතයන් 1,998,897ක් ලියාපදිංචි වී ඇති බව එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ආයතනය සඳුදා අග භාගයේ නිකුත් කළ නවතම ගෝලීය යාවත්කාලීනයේ සඳහන් වේ.
එය පෙර සතියට වඩා 6%ක වැඩිවීමක් සහ වසංගතය ආරම්භයේ සිට එක් සතියක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
පසුගිය වසරේ අගභාගයේදී චීනයේ නව කොරෝනා වෛරසය මතු වූ දා සිට එය ගෝලීය වශයෙන් මිලියන 31කට අධික පිරිසකට ආසාදනය වී ඇති අතර, 969,000 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව නවතම සංඛ්‍යාලේඛනවලට අනුව දැක්වෙයි.
පසුගිය සතියේ ලෝකයේ සෑම කලාපයකම පාහේ නව රෝගීන් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. යුරෝපය සහ ඇමරිකාව පිළිවෙලින් නව රෝගීන් පිළිවෙලින් 11% සහ 10% කින් වැඩි වී තිබේ.
කෙසේ වෙතත් ලොව පුරා වෛරසය ආසාදිතයන් බහුල වුවද, මරණ සංඛ්‍යාව අඩුවෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
පසුගිය සතියේ ලොව පුරා වෛරස් හා සම්බන්ධ නව මරණ 37,700ක් වාර්තා වී ඇති අතර එය පෙර සතියට සාපේක්ෂව 10%ක අඩුවීමකි.