කැනඩාවේ කොවිඩ්-19 ආසාදිතයන් ඉහළ යෑම හේතුවෙන් එරට මහජන සෞඛ්‍ය ඒජන්සියේ සභාපතිනිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
එරට මහජන සෞඛ්‍ය ඒජන්සියේ සභාපතිනිය රැකියාවෙන් ඉවත් වන්නේ මාස 18ක් වැනි කෙටි කාලයක් තුළය. ඒ අනුව පළපුරුදු නායකයෙකු නොමැතිව රටේ කොවිඩ්-19 ප්‍රතිචාරය සම්බන්ධීකරණය කිරීමේ වගකීම ෆෙඩරල් ආයතනයට පැවරී තිබේ.
ටීනා නැමීස්නියොව්ස්කි පැවසුවේ නව සභාපතිවරයෙකු සඳහා මාවත සකස් කිරීම වෙනුවෙන් තමන් වහාම ඉවත්ව යන බවය.
මේ අතර කැනඩාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලබන සතිය වන විට නැමීස්නියොව්ස්කි වෙනුවට වෙනත් අයෙකු පත් කිරීමට රජය අපේක්ෂා කරන බවය.
එරට කොවිඩ්-19 පරික්ෂණ සඳහා වැයවන කාලය මෙන්ම, ආසාදිතයන් සංඛ්‍යාවද ඉහළ යන පරිසරයක නැමීස්නියොව්ස්කි සිය කාර්ය මණ්ඩලයට ලිපියක් යවමින් කියා සිටියේ, "විවේකයක් ගත යුතු බවත්, පසෙකට වී සිටිය යුතු බවත්, ඒ නිසා වෙනත් කෙනෙකුට නැගී සිටිය හැකි බවත්"ය.