ආරුවක්කාඩු විරෝධතාවට ආගමික නායකයින් දෙදෙනෙක් අත්අඩංගුවට?
වනාතවිල්ලුව අරුවක්කාඩු කසළ රදවනයට විරෝධය මතුකල කතෝලික සහ ඉස්ලාම් පුජකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සුදානම් බව වනාතවිල්ලුව පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසිය.
සේරක්කුලිය මිසම භාර ක්‍රිස්ටි පෙරේරා කතෝලික පියතුමන් සහ සේරක්කුලිය මුස්ලිම් දේවස්ථානයේ මවුලවිතුමන් මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිතය.
පොලීසිය පවසන්නේ අරුවක්කාඩු කසළ රදවනයට ජනතාව විරෝධය මතු කිරිම පසුපස අදාළ පුජකවරුන් සිටින බවයි.
හිරාන් ජයසිංහ

popular news
-
Champa Monday, 10 September 2018 05:50 PM
එහෙම කොහොමද?. ඇයි මිනිස්සුන්ට පූජකවරුන්ට සමාජ ප්‍රශ්නයකදී විරෝධය දක්වන්න අයිතියක් නැත්ද? මම මේ අරුවක්කාඩු කසල වැඩේට විරුද්ධව ඉස්සර LankaCNews එකට ලියල තියෙනව. වෙන රටවලත් "මේ ක්‍රමයට" කසල රඳවන වැඩ කරනවා. හැබයි එහෙම කරන්නේ ජන ශූන්‍ය ප්‍රදේශ වල. ස්වභාවික පරිසරයට හානිකර නොවෙන විදිහට. අනිත් එක එහෙම කරන්නෙත් සම්පූරණ ක්‍රියාවලියක් අනුගමනය කරලා. මේකට ලොකු process එකක් තියෙනව. මේ ආණ්ඩුව එහෙම කිසි දෙයක් කරලා නැහැ. අනිත් එක ලෝකේ කිසි රටක් ජනතාව ජීවත් වෙන පරිසරයක, ස්වභාවික සම්පත්, වනාන්තර, වැස්ස, කලපු, දිය උල්පත් තියෙන මේ වගේ තැන්වල මේ ක්‍රමය කරන්නේ නැහැ. මේවා කරන්නේ ජන ශූන්‍ය ප්‍රදේශ වල සහ මේකට ක්‍රමයක් තියෙනව. කසල දානවා නම් "පොලොව යට" දිනපතා (I am serious) "දිනපතා" පස් දාන්න ඕනේ ඊට උඩින්. මේ කරන්නේ වැරදි ක්‍රමයක්. මිනිස්සු සත්තු ලෙඩ වෙන්න පටන් ගනියි. හරියට කලේ නැත්නම් දිය උල්පත් වලට වැහි වතුරට මේ අපද්‍රව්‍ය එකතු වෙනවා. මේ ක්‍රමය ගැන කිසිම නිවැරදි අධ්‍යනයක් කරන්නේ නැතුව මේ කරන්නේ. මේවට විරුද්ධ වෙන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනව.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

