ආර්ථික මර්මස්ථාන අකර්මන්‍ය කිරීමේ සැලසුමක් තිබුණා - මහින්දානන්ද
ජනබලය උද්ඝෝෂණයේදී ආර්ථික මර්මස්ථාන කිහිපයක් වටලා රට අකර්මන්‍ය කිරීමට සැලසුම් කර තිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
කටුනායක ගුවන් තොටුපොළ,විදුලි බල මණ්ඩලය,දුම්රිය දෙපාර්තමේන්තුව,සියලු වරායන්,ඛනජ තෙල් නීතීගත සංස්ථාව යන ස්ථානවල කටයුතු අඩපණ කිරීමේ සැලැස්මක් තිබුණු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (06දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“ අපිට ඕනනම් එයාර්පෝට් එක වහන්න,විදුලි බල මණ්ඩලය වහලා මුලු රටම කලුවරේ තියන්න, කොච්චි ටික නවත්වන්න, සියලු වරායන් නවත්වන්න තිබුණා.සියලු වෘත්තීය සමිති අපි සමග සාකච්ඡා කරලා තිබුණේ. ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිතිය අපිත් එක්ක ඊයේ බැස්ස නම් එයාර්පෝට් එකට තෙල් නැහැ.
කටුනායක එයාර්පෝට් එකේ වෘත්තීය සමිතිය අපිත් එක්ක බැස්ස නම් ප්ලේන් දුවන් නෑ. අපිට ඒ සඳහා සැලසුම් තිබුණා. නොතිබුණා නොවෙයි. නමුත් අපි ඒවා කළේ නැහැ. ඒවා කරන්න තව කල් තියෙනවා. අපි කිව්වේ කොළඹ වටලනවා කියලා.
අපි කොළඹ වැටලුවා. වෘත්තීය සමිති සියලු දෙනා අපිත් එක්ක එකඟ වුණා තව තව දේවල් කරන්න. අපිට ඕනේනම් තාම ඉන්න තිබුණා”යනුවෙන් පවසා සිටියේය.

popular news
-
DAYAN Thursday, 06 September 2018 09:10 PM
පිස්සෝ.
Reply : 0 1
Ruwan Thursday, 06 September 2018 10:01 PM
අනේ මහත්තයෝ සිංගර් එකේ 89 වැඩ කරලා එංගලන්තයේ මාලිගා ගත්ත එක කිවුවේ අපි නෙවෙයි ඔබගේ පළමු නෝනා.
Reply : 0 1
සමන් Thursday, 06 September 2018 11:45 PM
මෙන්න දේශප්‍රේමී කඩාකප්පල්කාරීන්! හිරෙන් බේරෙන්න ඕනෑම බලු වැඩක් කරයි.
Reply : 0 2
Don Friday, 07 September 2018 08:21 AM
Mahindananda 's utterances are enough to prosecute him as a terrorist !!
Reply : 0 1
dhamneth Friday, 07 September 2018 10:25 AM
ජනතාවට හිරිහැරවන දේවල් කලහම චන්ද පදනම වදිවෙනවද?ජේ.වී.පි.එකට වරදුනෙත් ඔතන තම ජනතාවට හිරිහැර වන වැඩ කරලා.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
