ආර්ජන්ටිනාව ගෙවීගිය දිනයේ නව කොවිඩ්-19 ආසාදිතයන් 8,771ක් වාර්තා කර ඇති අතර, ඒ සමග රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 359,638ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම ගෙවීගිය දිනය තු වෛරසය ආශ්‍රිතව නව මරණ 197ක් වාර්තා වූ අතර, සමස්ත මරණ සංඛ්‍යාව 7,563කි.
ආර්ජන්ටිනාවේ මීට පෙර දින ආසාදිතයන් 8,713ක් සහ අතිරේක මරණ 382ක් වාර්තා වූ අතර, ඒ අනුව ගෙවීගිය දිනයේ වාර්තා වූ අගය දෛනිකව එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව ආර්ජන්ටිනාව ලතින් ඇමෙරිකානු කලාපයේ චිලී, කොලොම්බියාව, පේරු, මෙක්සිකෝව සහ බ්‍රසීලය වැනි රටවල් සමග හය වැනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන රටයි.