ආර්ජන්ටිනාව බදාදා (19දා) වැඩිම කෝවිඩ්-19 ආශ්රිත මරණ සංඛ්‍යාව වාර්තා කළ අතර, එම මරණ සංඛ්‍යාව දැක්වුණේ මරණ 282ක් ලෙසිනි.
දකුණු ඇමෙරිකානු රාජ්‍යයක් වන ආර්ජන්ටිනාවේ සමස්ත නව කොරෝනා වෛරස මරණ සංඛ්‍යාව මේ වනවිට 6,330ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම ආර්ජන්ටිනාව නව කොවිඩ් -19 ආසාදිතයන් 6,693ක් බදාදා දිනයේ වාර්තා කළ අතර, මුළු ආසාදන සංඛ්‍යාව 312,659ක් දක්වා ඉහළ ගොස් ඇත.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව ආර්ජන්ටිනාව ලතින් ඇමරිකාවේ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන 6 වැනි රට බවට පත්ව තිබේ.