ආරක්ෂක අංශ සාමජිකයන් අත්අඩංගුවට ගැනීමට ජනපතිගේ විරෝධය
චෝදනා ඔප්පු වනතෙක් ආරක්ෂක අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කැබිනට් මණ්ඩලය විරුද්ධ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
එවැනි තත්ත්වයක් තුළදී ආරක්ෂක අංශ සාමාජියන් අත්අඩංගුවට ගන්නේ කාගේ උවමනාවකටද යන්න ප්‍රශ්නයක් පැනනගින බවද එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
යම්යම් චෝදනා සම්බන්ධයෙන් දේශපාලනඥයන්ගේ නිවෙස්වලට ගොස් පොලීසිය ප්‍රකාශ සටහන් කරගන්නා බවත්, එහෙත් රටට සාමය උදාකළ රණවිරුවන් ප්‍රකාශ ලබා ගැනීමට පොලීසියට කැඳවන බවත් හෙතෙම පවසා සිටියේය.
ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයන් රිමාන්ඩ් බන්ධනාගාරගතව මාස 10ක්, 11ක් ගත වී ඇප ලබා පැමිණියද, චෝදනා පත්‍රයත් සකස් කර ගැනීමට නොහැකිවූ අවස්ථා තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

popular news
-
An Observer Tuesday, 18 September 2018 06:27 PM
හේමනම් ඉතින් හැම සැකකරුව්ක්ම චෝදනා ඔප්පු වන තෙක් අත් අගන්ඩුවට ගන්න එපා. හමුදා නිලදාරීන් ට විතරක් අලුත් නීතියක් දාන්න බැහැනේ! නීතිය අවනීතිය කරන්න හදන එක ගැන බොහෝම කනගාටු යි!!!!!!!!!!!!
Reply : 0 10
Champa Tuesday, 18 September 2018 09:49 PM
මෙන්න බලන්න. දිව දෙකේ කතාව. කවුද හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගත්තේ කියලා අහනව අපෙන්. දන්නෙම අනති තොත්ත බබාලා. මෙච්චර කාලයක් හමුදා නිලධාරීන් හිරේ ඉන්නවා එක පාර සත්ව කරුණාව පහල වෙලා. දැන් ඒකට අල්ලන් ඉන්නෙත් හිටපු ජනාධිපතිතුමා. සමහරුන්ගේ ගෙදර වලට ගිහින් ප්‍රකාශ ගන්නවලු. මට මේකට සෞම්‍ය භාෂාවෙන් උත්තර දෙන්න බැහැ. ඉන්නකෝ ඔහොම තව බොහොම ටික කාලෙනේ. මිනිස්සු දැන්මම හූ කියන්න පටන් අරන් ආපහු. තව චන්ද දෙකක් එනවනේ මඟ අරින්න බැරි. ලබන අවුරුද්ද තනිකරම ආණ්ඩුවේ ඇමතිවරු වර්ජනය කරන අවුරුද්දක් කරගන්න ඕනේ ජනවාරි මාසේ ඉඳලම. ව්‍යංගාර්ථයෙන් කියන්නේ හිටපු ජනාධිපතිතුමාගේ ගෙදර ගිහින් ප්‍රකාශයක් ගත්ත එකට තියෙන අමාරුව. මොන තරම් නින්දිත පහත ප්‍රකාශයක්ද? එතුමා රට වෙනුවෙන් කරපු සේවයට වෙන රටක නම් මොන තරම් ගරු නම්බු දෙනවද? එතුමා වෙනුවෙන් මිනිස්සු හුඟක් දේවල් කරයි අනාගතේ. කිසි දවසක ආයේ කිසි කෙනෙකුට එතුමාට ගරහන්න බැරි වෙන්න. ද්‍රෝහීන්ට එතකොට බලා ඉන්න පුළුවන්.
Reply : 26 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

