ජනපතිවරණයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් උපරිම ආරක්ෂාවක් ලබාදී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.
පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
ජනපතිවරණයේ ආරක්ෂාව සඳහා 60000කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බවත් ඔහු සඳහන් කළේය.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව 119 අංකයට දැනුම් දිය හැකි බවත් ඔහු සඳහන් කළේය.
එසේම ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද දායකයන් ප්‍රවාහනය කිරීම ව්‍යාතිරේඛ කිහිපයක් යටතේ හැරුණු විට තහනම් බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම හෙට දිනයේ අලුයම 2.00ට පමණ පොලීසිය විසින් ඡන්ද මධ්‍යස්ථාන අවට මුර සංචාර ආරම්භ කරන බවත් එහිදී මැතිවරණ නීති උල්ලංගණය කරමින් විවිධ ක්‍රියාකාරකම්වල නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඒ අනුව එසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.