ආරක්ෂක අමාත්‍යාංශය විසින් කෙටිපණිවිඩ සේවාවක් ආරම්භ කර තිබේ.
ආරක්ෂාව සම්බන්ධයෙන් නිල හා නිවැරදි තොරතුරු ජනතාව වෙත කඩිනමින් දැනුම් දීම මෙහි අරමුණ වෙයි.
සමාජ මාධ්‍ය හරහා වැරදි ප්‍රචාරයන් සිදු කරන බැවින් , ආරක්ෂාව පිළිබඳ අවශ්‍යම තොරතුරු පිළිබඳව ජනතාව මෙලෙස මේ හරහා දැනුවත් කිරිමට අවස්ථාව ලැබේ.
මෙම කෙටි පණිවිඩ සේවාව ආරම්භ කිරීම සඳහා වූ උත්සවය ඊයේ (13) ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
මෙම කෙටි පණිවිඩ සේවාව මඟින් ආරක්ෂාව සම්බන්ධව නිවැරදි තොරතුරු නියමිත වේලාවට මහජනතාව වෙත ලබාදිය හැකිය.
