ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල වගකීම භාරගන්නේ කවුද?
ආරක්ෂක අමාත්‍යාංශය යටතට රටේ වටිනාම ආයතන ගැසට් කර තිබුණද එම ආයතනවල වගකීම භාරගන්නේ කවුරුන්ද යන්න තවමත් ප්රහේළිකාවක් බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (12දා) පැවසීය.
රාජ්‍ය ආයතන තිස් ගණනක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබුණද ආරක්ෂක අමාත්‍යවරයා කවුරුන්දැයි පැහැදිලිව දක්වා නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රටේ වැදගත්ම ආයතන එකසිය පනස් ගණනක් රාජපක්ෂවරුන් අතරේ බෙදී යද්දී රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු කිසිදු විෂයයක් නොමැතිව පිං පඩි සහ වරප්‍රසාද ලබමින් සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
2015ට පෙර රාජපක්ෂ ආණ්ඩු සමයේ කාර්යභාරයක් නොමැතිව පත්කළ ඇමති තනතුරුවලට වර්තමානයේදී රාජ්‍ය අමාත්‍යවරුන් පත්කර සිටින බවද ඔහු කීය.

popular news
-
සෙනෙවි Thursday, 12 December 2019 07:50 PM
ඇයි මොකෝ ආපහු සහරාන්ව නැගිට්ටවන්නද හිතාගෙන ඉන්නෙ
Reply : 0 0
Deepal Nirosh Friday, 13 December 2019 11:21 AM
ව්‍යවස්ථානුකූලව රටේ සේනාධිනායකය වශයෙන් ආරක්ෂක අමාත්‍යංශ විෂය භාරව සිටින්නේ රටේ ජනතාව පත්කළ ජනාධිපතිවරයා. ඒතුමා ඒ් කටයුතු හැකි උපරිමයෙන් ඉටු කරාවි. නමුත් 19 වන අවජාතක ව්‍යවස්ථා සංශෝධනය නිසා රටේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිව්රුම් දීමේ හැකියාවක් එතුමාට නැහැ. ඒ සඳහා කළ යුත්තේ 19වන ව්‍යවස්ථා සංශෙෝධනයට අත්‍යාවශ්‍ය ප්රතිසංශෙෝධන ගෙන ඒමයි. මේක තේරුම් නො ගෙන උඩ බලාගනෙ කෙළ ගහනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

