ආබාදිත රණවිරු උපවාසය අවසන්
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දින 09ක් පුරා කොටුව දුම්රියපොළ අසල පැවති ආබාදිත රණවිරුවන් උපවාසය අවසන් කළ බව රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (25දා) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණ බවත්, එහිදී ඉදිරි මහ මැතිවරණයට පෙර අදාළ ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දුවක් ලබාදුන් බවත් එම බලවේගයේ ජාතික සංවිධායක එච්.එම්.එස්. මහින්දසිරි මහතා අදට පැවසීය.
ඒ අනුව ඊයේ (25දා) පස්වරුවේ සිට මෙම උපවාසය අවසන් කළ බවත්, එම ඉල්ලීම් ඉටුකිරීමට රජය කටයුතු නොකරන්නේ නම් නැවතත් උපවාසය ආරම්භ කිරීමට සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
දිනේෂ් සමරකෝන්/ ඡායාරූප - ශමීර රාජපක්ෂ





popular news
-
Champa Thursday, 27 February 2020 05:30 PM
වහල් ආණ්ඩුව තියෙන කාලේ, ඒ කාලේ හිටපු ඒකාබද්ධ විපක්ෂය මේ වගේ තැන් වලට ගිහින් වොයිස් කට් දෙනවා. අද පැත්ත පළාතක නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
