ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සියලුම විදේශීය මත්පැන් වර්ග සුරාබදු දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමකින් තොරව විකිණීම තහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
එම ආරක්ෂිත ස්ටිකර් අලවා නොමැති විදේශ මත්පැන් සන්තකයේ තබාගැනීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම හා විකිණීමද සපුරා තහනම් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ජූලි මස 20දා සිට මෙම නීතිය ක්‍රියාත්මක වෙයි. ප්‍රථම අදියර යටතේ ආනයනික විදේශ මත්පැන් සඳහා මෙම නීතිය වෙයි. ඉදිරියේදී දේශීයව නිෂ්පාදනය කරන විදේශ මත්පැන් හා දේශීය මත්පැන්ද මෙම ස්ටිකර් සහිතව අලෙවි කිරීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
නව නීතිය මගින් නීති විරෝධී ආකාරයට විදේශ මත්පැන් රට තුළට ගෙන ඒම මෙන්ම ප්‍රමිතියෙන් තොර හා ව්‍යාජ මත්පැන් පාරිභෝගිකයා අතට පත්වීමද වැළැක්වෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
