පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරීය විසින් ඉදිරිපත් කළ ක්‍රමවේදය අනුව මින් ඉදිරියට ආනයනික කිරිපිටිවල උපරිම සිල්ලර මිල නියම කිරිමට නියමිතය.
කිරිපිටි ආනයනකරුවන් හා පාරිභෝගික කටයුුත පිළිබඳ අධිකාරිය අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඇතිකරගත් එකඟතාව අනුව මෙසේ ආනයනික කිරිපිටි සඳහා මින් ඉදිරියට උපරිම සිල්ලර මිල නියම කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉදිරිපත් කළ ක්‍රමවේදය අනුව සිදුවෙයි.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ සභාපති වශයෙන් කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාර්මාර්ග, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා ඉදිරිපත් කර ඇති අතර එයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
