ආණ්ඩුවේ ලැප්ටොප් නිසා සරසවි සිසුන්ට නඩු
යහපාලන ආණ්ඩුව සරසවි සිසුන්ට ලබාදුන් ලැප්ටොප් පරිඝනක හේතුවෙන් මේ වන විට එම සිසුන්ට එරෙහිව නඩු පවරන තත්ත්වයකට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සරසවි සිසුන්ට නොමිලයේ ලැප්ටොප් පරඝනක ලබාදෙන බවට සඳහන් කළත් ඒ සඳහා වන වාරික මහපොල ශිෂ්‍යාධාරයෙන් අයකර ගැනීමට කටයුතු කළ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මේ වන විට සිසුන්ට මාස තුනක් තිස්සේ මහපොල වාරිකය නොලැබී ඇති හෙයින් ඔවුන් ලබාගත් ලැප්ටොප් සඳහා වන වාරික මුදල් මාස තුනක් හිඟවී ඇති හෙයින් එසේ හිඟ වාරික ගෙවීමට කටයුතු නොකළ හොත් නඩු පැවැරීමට කටයුතු කරන බවට ලැප්ටොප් ලබාදුන් සමාගම් සරසවි සිසුන්ට ලිපි මගින් දැනුම් දී ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
අධ්‍යාපනයට 6%ක් වෙන් කරන බවට පවසමින් බලයට පත්වූ ආණ්ඩුව මහ බැංකු බැඳුම්කර වංචාව හරහා මහපොළ අරමුදලත් හොරකම් කළ හෙයින් මේ වන විට සිසුන්ට මහපොළ වාරික ගෙවාගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

popular news
-
Don Friday, 27 July 2018 08:03 PM
Majority of students are not attending classes and they are participating politically motivated strikes They lose precious time in their life unnecessarily Some are begging in buses and other public transport They do not need Laptops
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
