ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දින දෙකක කල් තැබීමේ විවාදයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ජනවාරී 07 සහ 08 යන දිනවලදී සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ ඊයේ (03දා) පැවැත්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක සහ දේශපාලන පක්ෂ නියෝජිත රැස්වීමේදී තීරණය විය.
ඒ අනුව ලබන 07 වනදා දහවල් 1.00 සිට සවස 6.30 දක්වාත්, ඉන්පසු දිනයේ (08) දහවල් 1.00 සිට සවස 6.30 දක්වාත් විවාදය පැවැත්වෙනු ඇත. සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වෙන බැවින් මේ සම්බන්ධව ඡන්ද විමසීමක් සිදු නොවේ.
සභාව කල් තැබීමේ විවාදයෙන් පසු ජනවාරි 09 වැනිදා හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා පිලිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි, අමාත්‍යවරු වන දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලක්ෂමන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, අජිත් පී.පෙරේරා, එම්.ඒ.සුමන්තිරන් යන මන්ත්‍රීවරුද එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
