ආණ්ඩුව බේරාගැනිමේ ජවිපෙ කුමන්ත්‍රණය හෙළි වුණා
2015 දී අසත්‍ය සමාජගත කරමින් යහපාලනය ගෙනවිත් රට විනාශ කිරීමට මුල්වූ කණ්ඩායම් නැවත ජනතාව රැවටිම සඳහා එකතු වෙමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙයි.
අද පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය වීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයට ජනතා විමුක්ති පෙරමුණ එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.
ජනතා විමුක්ති පෙරමුණ මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය හමුවේ අසරණවූ ආණ්ඩුව බේරා ගැනීමට බව සිහිපත් කළ මන්ත්‍රීවරයා මෙම විශ්වාසභංගය ජයග්‍රහණය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය සහ ආණ්ඩුවේ කතෝලික මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට ක්‍රියා නොකළේ ආණ්ඩුව රැකගැනිමේ යටි අරමුණෙන් දැයි සැකයක් මතු වෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

popular news
-
lion Saturday, 13 July 2019 06:54 AM
වැඩිවෙලා ඉන්නේ මොලේ උඩද .මිනිස්සු ගොන්නු කියලද හිතන්නේ. මේ සැරේ මේ ගොන්නු ටිකේ ගෙදර yauthumai
Reply : 0 2
batangala Saturday, 13 July 2019 01:03 PM
මේවා පක්ෂ දේශපාලනයෙන් තොර කෙනෙකුට අහන්න ලැබෙන මජර කතා. දැන් ඔක්කොටම තුන් බිය ඇතිවෙලා මිපස්සේ කිසිම චන්දෙකින් වාචාලයෝ නුඋගත් මිනිස්සු නොයවන්න වග බලාගත යුත්තේ මේ නිසාමයි පක්ෂ නායකයෝ දන්නවා මේපාර කවුරු උදම් අනුවත් ප්‍රතිපලය භයානකයි කියල
Reply : 0 1
Don Saturday, 13 July 2019 07:59 PM
පොහොට්ටුවත් JVP එකත් විශ්වාසභංගය පවත්වනකම් දිනුම්, පාර්ලිමේන්තුවේ චන්දෙ ගණන් කරාම පරාදයි. ඊට පස්සේ නොයෙක් වාචාල කියවනවා.අනුන්ගේ පිටට වැරදි පටවන්න මේ අය දක්ෂයි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

