ආණ්ඩුව ගැන තිබුණ විශ්වාසය නැතිවුණා - අගමැති
පාස්කු ඉරිදා ප්රහාරයෙන් පසුව ආණ්ඩුව කෙරෙහි ජනතාව තිබූ විශ්වාසය නැතිවී ගිය බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළේය.
ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයකදී ජනතාව අමතමින් ඔහු මේ බව ප්රකාශ කළේය.
“මේ බෝම්බ පිපිරීම නිසා අත්තවශයෙන්ම රටේ දේශපාලන තත්ත්වයත් කැළැඹීමකට ලක්වුණා. ඒක අපි පිළිගන්න ඕන. ආණ්ඩුව කෙරෙහි තිබුණ විශ්වාසයත් නැතිවුණා.
ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් දේශපාලඥයෝ ගැන තිබෙන විශ්වාසයත් නැතිවුණා.
නමුත් මේ යන්ත්රණය කෙරෙහි ජනතාවගේ විශ්වාසය යම් දුරකට රඳවා තබා ගන්න අපිට අවස්ථාව ලැබුණා. දෙමටගොඩට ගිහින් රාත්රී 9.00 වෙන්න ඉස්සේල්ලා පළමු කණ්ඩායම අල්ලගත්තා.
එදා ගත්ත ඒ පියවර නිසා දැන් වෙනකොට ඒ සියලු දෙනා අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අපි නම් කවුරුවත් ආරක්ෂා කරන්න යන්නේ නෑ. ඇමතිවරුවත් මන්ත්රීවරුවත් කවුරුවත්.
මොකක් හරි තොරතුරක් තිබෙනවානම් පාර්ලිමේන්තුවේ විවාදයට ගිහින දෙන්න. ආරක්ෂා කරන්න කවුරුවත් නෑ. හංගන්න කවුරුවත් නෑ. දැනගන්න දේ අරගන්න අපි ලෑස්තියි ඒ අනුව ක්රියා කරන්න”

popular news
-
Champa Sunday, 12 May 2019 04:54 PM
අනේ මිනිහෝ කාවද තවත් රවට්ටන්න හදන්නේ? එහෙම අල්ල ගත්තේ ත්රස්තවාදීන් ඉන්න තැන් ඔක්කොම කලින් දැනගෙන හිටපු නිසා සහ වහල් ආණ්ඩුව බලාපොරොත්තු වෙච්ච විදිහට සිංහල මුස්ලිම් ජාතිවාදී කලබල ඇති නොවුනු නිසා සහ මුස්ලිම්වරුන්ට විරෝධය පානවා වෙනුවට සිංහලයෝ ආණ්ඩුවට විරෝධය පාපු නිසා. මේ රටේ දෙමල, මුස්ලිම් අන්තවාදයක්, බෙදුම්වාදයක්, ත්රස්තවාදයක් බිහි වෙන්න අඩිතාලම දැම්මේ බලලෝභී යූඑන්පී හා ශ්රී ලංකා දේශපාලකයෝ. දඬුවම් දෙන්න ඕනේ ඔවුන්ට. නිදහස් ස්වෛරී ශ්රී ලංකාව ඇමරිකානු අධිරාජ්යවාදීයාගේ දඩබිමක් කලේ (තොපි) වගේ පරගැති සිංහල දේශපාලකයෝ. සදහටම දේශපාලනයෙන් අයින් කරන්න ඕනේ. ලංකාවේ ඊළඟ ජනාධිපති විදිහට දේශපාලකයෙක් හෝ ඔවුන්ගේ ඇම්බැට්ටයෙක් තෝර ගන්න රටේ ජනතාවට ලොකු මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම සිංහලයන් විශේෂයෙන් සිංහල බෞද්ධයන් එකට එකතු වෙලා චන්දෙ දෙන්න ඕනේ එක මිනිහෙක්ට. කවුරුවත්ම නැත්නම් අඩු ගානේ හාමුදුරු කෙනෙක් හරි කමක් නෑ දේශපාලකයෙක් නැතුව. පුළුවන් කමක් තියනවා නම් සිංහලයෝ නිතරඟයෙන් තෝර ගන්න ඕනේ ඊළඟ නායකයාව. ඒක තමයි ලංකාව ඔවුන්ගේ කෙළිබිමක් කරගන්න හදපු ඇමරිකන්කාරයට සිංහලයනට දෙන්න පුළුවන් ආඩම්බරම උත්තරේ.
Reply : 0 0
rocky Monday, 13 May 2019 07:45 AM
නැහැ නැහැ අගමැති තුමෝ .. අපට ආණ්ඩුව ගැන කිසිම අවිස්වාසයක් නැහැ. ඔය ගොල්ලෝ ඔක්කොම ඔහොම ගිහිල්ලා දෙයියන්ගේ පිහිටෙන් මුළු රටම කෙලවන බව අපට හොඳට විස්වාසයි! දවසට තුන් වේල බැගින් මල්වත්තේ නායක හාමුදුරුවන්ට අටපිරිකර පුජා කලොත් විස්වාසය තවත් වැඩි වෙනවා. ! ඒ පිනෙන් අපි ඔක්කොටම ඉක්මනින්ම නිවන් සැප ලැබෙන්නත් පුළුවනි!!! මාසෙකට සැරයක් වත් අර ඉන්දියාවේ තිරුපති නසරානියගේ කෝවිලටත් ගිහිල්ල අපිව ආරස්ස කොරන්න කියල ඌට පින්සෙන්ඩු වෙලා එන්න!
Reply : 0 0
rocky Monday, 13 May 2019 07:29 PM
චම්පෝ, සිංහයා ලකුණ දරන ඔරිජිනල් සිංහල බවුද්ධයෙක් වන දේශ පාලනය ගැන විසේසඥ දැනුමක් තියන අපේ බමුණුආරච්චි වීරයාව ජනාධිපති කර ගත්තොත් නරකද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

