ආණ්ඩුව වටලන්න කලින් විමල් පක්ෂය හරියට තියාගත යුතුයි
"විමල් වීරවංශ මහත්තයා පසුගියදා කියනවා ආණ්ඩුව වටලන්න ඕන කියලා. එතුමාගේ පක්ෂයේ හිටපු සියලු තනතුරු දරපු අපි සියලු දෙනාම දැන් ඉන්නේ ආණ්ඩුවේ. එතුමා කොහොමද ආණ්ඩුව වටලන්නේ. ආණ්ඩුව වටලන්න ඉස්සර පක්ෂය හරියට තියාගන්න" යැයි මහවැලි රාජ්‍ය අමාත්‍ය වීර කුමාර දිසානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුරයේදී පැවැති ජන හමුවකදීය.
"විමල් වීරවංශ මහත්තයා පසුගියදා කියනවා ආණ්ඩුව වටලන්න ඕන කියලා. මීට පෙර වතාවකත් කිව්වා වටලන්න ඕන කියලා. කොහෙද රටකත් ආණ්ඩුව වැටලුවා කියලා ඊට අනුව වහාම මේ ආණ්ඩුව වටලන්න කොළඹට ඇවිත් කඳවුරු බඳින්න කියලා එතුමා කියනවා.
එතුමාගේ පක්ෂයේ හිටපු සියලු තනතුරු දරපු අපි සියලු දෙනාම දැන් ඉන්නේ ආණ්ඩුවේ. එතුමා කොහොමද වටලන්නේ. ආණ්ඩුව වටලන්න ඉස්සර පක්ෂය හරියට තියාගන්න ඕන. වටලනවා, වටලනවා කියලා වටලප්පන් වංශයට වැටෙනවා. ඊළඟට ඉතින් වටලන්න කතා කළාට ඇත්තටම වටලන්න බෑ."
එප්පාවල තිසර සමල්

popular news
-
Champa Tuesday, 28 August 2018 08:57 PM
ඔයාට අයිතියක් නැහැ විමල්ගේ ජාතික නිදහස් පෙරමුණ ගැන කතා කරන්න. මට අයිතියක් තියෙනව කතා කරන්න මම පාදඩ ආණ්ඩුවට කඩේ යන්නැති ස්වාධීන පුරවැසියෙක් විදියට. විමල්ගේ ජාතික නිදහස් පෙරමුණ අතෑරල පාදඩ ආණ්ඩුවට එකතු වුනාට පස්සේ ඒ ගියපු හැමෝම ඒකෙම කොටසක්. විමල්ගේ නමවත් කියන්න එන්න එපා. ඇයි කිව්වේ පහුගිය අවුරුදු 17ම JVP සහ ජාතික නිදහස් පෙරමුණේ හිටියට කකුල තිබ්බේ ශ්‍රී ලංකා එකේ කියල (PA UPFA ) අපිට නම් selective amnesia නැහැ. කියපුව හොඳට මතකයි. මම ඒ දවස්වලම විමල්ට කිව්වා ඕක ඇතුලේ මිනිස්සු එයාව පාවලා දෙනවා කියලා. විමල් මහ පණ්ඩිතය, මාව විශ්වාස කලේ නැහැ. පක්ෂේ සියලු තනතුරු දරන අය විමල්ව අතැරලා ගියා කියන්නේ කොහොමද? ජයන්ත ගියේ නැහැනේ. නියෝජ්‍ය නායකයා විදියට විමල් එක්ක සියලු වැඩ කලේ ජයන්ත. ඔයා හිටියේ නමට විතරයි. ඕගොල්ලෝ ගියාට පස්සේ දැන් හොඳයි විමල්ට. ඇතුලේ කකුලෙන් ඇදිලි බෙලි කැපිලි නැති නිසා සැනසිල්ලේ වැඩ ටික කරගෙන යනව. විමල් මෛත්‍රීට ස්තූති කරන්න ඕනේ පක්ෂේ සුද්ධ කරලා දුන්නට. දන්නවද ඔයා ඊළඟ චන්දෙ පරදිනවා. ආයේ පාර්ලිමේන්තු එන්නේ නැහැ.
Reply : 0 50
rocky Wednesday, 29 August 2018 06:50 PM
"අර්ධන් ඝටන් ඝෝෂණ යේ ච ශබ්දන් - සම්පුර්ණ කුම්භන් න කරෝති ශබ්දන්"!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
