සියලුම වැඩ අමතක කර දමා ආණ්ඩුව ජනාධිපතිවරණ ප්රචාරක වැඩ ආරම්භ කර තිබෙන බවත්, මේ සඳහා මේ වන විට රුපියල් මිලියන තුන් දහසකට අධික මුදලක් වියදම් කර තිබෙන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
මෙසේ එක් එක් අයගේ ප්රතිරූප සකස් කිරිම සඳහා වියදම් කරමින් තිබෙන්නේ රජයේ සංවර්ධන කටයුතුවලට යෙදවීමට වෙන්කර තිබෙන මුදල් බවද එම සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා අද (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ආණ්ඩුවේ මෙම වැඩපිළිවෙළ නිසා ජනතාවට ආණ්ඩුවේ සංදර්ශන බල බලා සිටීමට සිදුව තිබෙන බවද අමරවීර මහතා කියා සිටියේය.
