වත්මන් ආණ්ඩුව සිය රාජකාරී ආරම්භ කිරීමටත් ප්‍රථමව කඩුල්ලක් දෙකක් දවා ගෙන ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. කැබිනට් මණ්ඩලය පත්කිරීමේදීම ආණ්ඩුවේ අසමත්කම පෙන්වූ බව ඒ මහතා ඇමතිධුර ලබාදීම කිසිම විද්‍යාත්මක පදනමක් මත සිදුකර නොමැති බවත් ඔහු පැවැසීය.
"වියත් බුද්ධිමත් ජනතාවගෙන් දැන් අහන්න තියෙන්න සැපද සනීපද කියලයි. ආණ්ඩුව ආරම්භයේදීම කඩුල්ලක් දෙකක් දවාගෙන තමයි මැච් එක ආරම්භ කළේ. තව අවුරුදු තුන හමාරකින් හතරකින් ජනපතිවරණයක් තිබෙනවා
2024 අප්‍රේල් / මැයි පැවැත්වීමට නියමිත ජනපතිවරණය අපිට දිනන්න පුළුවන්. 2015 දී අපිට හිටියේ 42යි. දැන් අපිට 54ක් ඉන්නවා.
"