ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්විය යුතුමයි - ජනපති
දැනට 19 වතාවක් සංශෝධනය වී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වෙනස්කම් ඇතිවිය යුතු බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
"19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ව්‍යවස්ථාව නිසා වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වෙනස්කම් ඇතිවිය යුතුමයි.
වර්තමාන මැතිවරණ ක්රමයේ වෙනස්කම් ඇතිවිය යුතුයි. අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නෑ. ප්‍රභල විධායකයක්, ව්‍යවස්ථා දායකයන් හා අධිකරණයක් ස්ථිපත කිරීම නව ව්‍යවස්ථාවකින් සිදුවිය යුතුයි."

-
Deepal Nirosh Friday, 03 January 2020 03:14 PM
රටේ ආරක්ෂාව හා පාලන ස්ථාවරත්වය සඳහා අනිවාර්යයෙන් සිදුවිය යුත්තක්. හැබැයි මේ සඳහා ප්‍රථමයෙන් ශ්‍රීලංනිප හා ශ්‍රීලංපොපෙ ඒකඟතාවයකට පැමිණිය යුතුමයි. මෙය පවතින ව්‍යවස්ථාවට තවත් ඒක සංශෝධනයක් නොවිය යුතුයි.
Reply : 0 0
Champa Friday, 03 January 2020 07:41 PM
තියෙන ව්‍යවස්ථාවෙන් ඔය කියන සියල්ල සිද්ධ වෙනවා. එකම අඩුව ජනාධිපතිට අග විනිසුරු සහ වෙනත් පත්වීම් කිහිපයක් කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වීම විතරයි. රටට වැඩක් කරන්න ඒවා අවශ්‍යම නැහැ. අනික අගැමති වෙන්නේ මහින්ද. ඒ හින්ද ඒ පැත්ත ගැන වද වෙන්න දෙයක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

