ආණ්ඩුවට ගෙදර යන ලෙසට බල කරමින් ඌව සරසවි සිසුන් උද්ගෝෂණයේ
- 4 04 2022
- 19:14
- {{hitsCtrl.values.hits}} views
- ..
ජන පීඩක ආණ්ඩුවට ගෙදර යන ලෙසට බල කරමින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදහසක් පමණ අද (4දා) බදුල්ලේදී උද්ගෝෂණය කළහ .
බදුල්ල පස්සර පාරේ පිහිටි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිට මහ වැසිමැද පෙළපාලියකින් බදුල්ල නගරයට පැමිණි මෙම සිසුන් බදුල්ල මධ්‍යම බස්නැවතුම්පොල ඉදිරියේදී උද්ගෝෂණයේ නියැලුනහ .
ඉන්පසු සේනනායක පිටියට රැස්ව රැස්විමක් පවත්වා පවතින ජන පීඩක ආණ්ඩුව පළවාහැර තරුණයන්ට නායකත්වය ලැබෙන රටට හා ජනතාවට ආදරය කරන ආණ්ඩුවක් පිහිටවිය යුතු බව අවධාරණයකළහ.
බදුල්ලේ පාලිත ආරියවංශ


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
