ආණමඩුව ආඩිගම පුනවිටිය ඇතුළු ගම්මාන කිපයකට අද දහවල් සිට ජනතාව ඇතුල් විම හා පිටවිම සිමා කිරිම සිදුකල බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
පොලිස් මාර්ග බාධක යොදමින් මෙසේ ඇතුල් විම හා පිටවිම සිමා කර ඇත්තේ කටුනායක ගුවන් තොටුපලේ සේවය කරනු ලබන 23 හැවිරිදි තරුණයකුට කොරෝනා ආසාදිතයකු බවට තහවුරු විම හේතුවෙන් බව කියයි.
අදාල කොරෝනා ආසාදිත තරුණයා ආඩිගම පුනවිටිය ගම්මානයේ පදිංචිකරුවකු බවත් කියයි.
අදාල ආසාදිතයා නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී රෝග ලක්ෂණ මතු කිරිමත් සමග රෝහල් ගත කිරිමේන් පසුව පි.සි.ආර් . පරික්ෂණ වලින් අනතුරුව තහවුරු කර ගත් බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
මෙම ආසාදිත තරුණයා ඇසුරු කල පදිංචි නිවසේ සිවු දෙනෙකු ඇතුළු තවත් 40කට ආසන්න පිරිසක් අද දින සිට නිවාස 14 ක් තුළ ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින් කටයුතු කර තිබුනි.
මේ සමගම අදාල ප්‍රදේශ වල ජනතාව දැනුවත් කරමින් සෞඛ්‍ය ආරක්ෂීත ක්‍රම වලට යොමු කිරිමට ද මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් සේම ආණමඩුව ප්‍රාදේශීය සභාව කටයුතු කර තිබුනී.
මෙයට අමතරව ආඩිගම නගරයේ සිට මහකුඹුක්කඩවල නගරය දක්වා දිවෙන මාර්ගයේ ගමනාගමන කටයුතු සිමා කිරිමට ආණමඩුව පොලිසිය කටයුතු කර තිබුනී.
ඒ අනුව පුනවිටිය , සියඹළගස්වැව , මහකුඹුක්කඩවල ඇතුළු ප්‍රදේශ වලට පිටතින් පැමිණෙන පිරිස් මෙම ප්‍රදේශවලට ඇතුල්විම පොලීසිය වලක්වා තිබුණේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමිනි.