අසාද් සාලි වගේ පුද්ගලයින් පාලනය කිරිමට ආණ්ඩුව වග බලා ගත යුතුයි - ප්රසන්න
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ජනතාව ප්රකෝප කරවන අන්දමේ ප්රකාශ සිදුකරන බවත් ජාතික සමඟියේ නාමයෙන් මෙවැනි පුද්ගලයන් පාලනය කිරීමට ආණ්ඩුව වහා කටයුතු කල යුතු බව ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග මහතා ප්රකාශ කරයි.
රටේ ආරක්ෂක අංශවලට අභියෝග කරන මෙවැනි පුද්ගලයන් පාලනය කිරීමට රනිල් මෛත්රී ආණ්ඩුවට කොන්දක් නැති බව පෙන්වා දෙන රණතුංග මහතා මුස්ලිම් ඡන්ද අපේක්ෂාවෙන් මෙවැනි මුස්ලිම් අන්තවාදීන් රකින තරමට ආණ්ඩුව පීචං වී ඇතැයිද පෙන්වා දෙයි.
උඩුගම්පල ශ්රී ලංකා පොදුජන කාර්යාලයේදී අද (27) පැවති රැස්වීමකදී රණතුංග මහතා මේ බව සදහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා ,
"මිනුවන්ගොඩ පසුගිය 13 වෙනිදා ඇතිවූ සිද්ධියෙන් පසු ඇතිවූ නොසන්සුන් තාවයක් සම්බන්ධව අත්අඩංගුවට ගත් හීනටියන ප්රදේශයේ පුද්ගලයන් කීප දෙනෙකු ඇප මත මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසාද් සාලි ආණ්ඩුකාරවරයා ඒ ගැන චෝදනා කර තිබුණා. ආණ්ඩුකාරවරයා වල්ගය පාගගෙන ඇප මත මුදා හැරියේ හීනටියන පන්සලේදී අත්අඩංගුවට ගත් පිරිසක්. ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ මිනුවන්ගොඩ සිද්ධිය මත නෙවෙයි. ඊට පහුවදා ඇතිවූ නොසන්සුන් තාවයක් සම්බන්ධවයි.
අසාද් සාලි මහතාගේ හැසිරීම බස්නාහිර පළාතේ ආණ්ඩුකාරධූරයට වටින්නේ නැහැ. ඔහු සිංහල ජනතාව කුපිත කරවන අන්දමේ ප්රකාශ සිදු කරනවා. මේ වගේ අය නිසා තමයි අපේ රටේ සිංහල මුස්ලිම් අය ගැන විශ්වාසය පළුදු වෙන්නේ. අසාද් සාලි ආණ්ඩුකාරවරයා කළ ප්රකාශ ජාතීන් අතර සමගියට බාධාවක්. ආණ්ඩුව රැකගැනීමේ අරමුණින් මේ වගේ අන්තවාදී ප්රකාශ පිළිබඳ ආණ්ඩුව මුණුවත රකින බව පේනවා. රටේ ජාතික සමඟියට එරෙහිව ප්රකාශ කරන මෙවැනි පුද්ගලයන් පාලනය කිරීමේ වගකීම ඇත්තේ ජනාධිපතිවරයාටයි. ඔහු මේ පිළිබඳව වහා පියවර ගත යුතුයි.
අසාද් සාලිට ඕනෙ විදියට වැඩ කරන්න අපේ රටේ ආරක්ෂක අංශ සූදානම් නෑ. රටේ තියෙන්නේ එක නීතියයි. සාලිට ඕන විදියට ඒක වෙනස් කරන්න බෑ. එක එක්කෙනාට ඕන විදියට නීති හදවන්න ගිහින් තමයි අද රටට මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

popular news
-
rocky Tuesday, 28 May 2019 06:21 AM
අනේ මහත්තයෝ, ඔය මිනිහව කොහොම හරි පොහොට්ටුවට ගන්න. එයාට ගැලපෙන්නේ ඔහෙලා වගේ අය තමයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

