අසර්බයිජානයේ මියගිය ශ්‍රී ලංකා සිසුවියන්ගේ දේහයන් ගෙන්වා ගැනිමට පියවර
අසර්බයිජානයේදී විෂ දුමක් ආග්‍රහණය වීමෙන් මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා එරට රජය සමඟ මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අසර්බයිජානයේ මෙරට තානාපති කාර්යාලයක් නොමැති අතර ඉරානයේ ටෙහෙරාන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් විසින් එරට රජය සමඟ මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතී.
අසර්බයිජාන්, බකු අගනුවර කැස්ෆියන් විශ්ව විද්‍යාලයේ මෙම සිසුවියන් තිදෙනා අධ්‍යාපනය හදාරමින් සිටියේය.
එම ශිෂ්‍යාවන් නැවතී සිටි නේවාසිකාගාරයේ පහත මාලයේ ගින්නක් හටගෙන ඇති අතර එහි දුම ආඝ්‍රහණය වීමෙන් ඇති වූ ආසාත්මිකතාවය හේතුවෙන් ශිෂ්‍යාවන් තිදෙනා රෝහල්ගත කර ඇති අතර එහිදී ඔවුන් මියගොස් තිබේ.
-
sunimala gunasingha Sunday, 12 January 2020 07:08 AM
විවිධ ආණ්ඩු /රජයන් අවුරුදු 71ක් තිස්සේ රජකම් කලත් දරුවන්ට තමුන් ගේ රටේ හරි උසස් අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදා දෙන්න බැරි වුන එකේ ප්‍රතිපලයි මේ අහිංසකයන්ට ජිවිතයෙන් ගෙවන්න වෙලා තියෙන්නේ. දෙමවුපියොත් මේකට හවුල් එවැනි ආණ්ඩු /රජයන් පත් කලේ දරුවන්ට මේ ඉරණමට පත් කරන්නද?කල්පනා කර බලන්න.අපි කොහෙද ඉන්නේ කියලා. දරුවනි ඔබලාට නිවන්සුව! නැවත මෙවන් රටක නුපදිවා! .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

