අසරණම ජනපති මෛත්‍රීපාල සිරිසේනයි - රංජිත්
මෙතෙක් පත් කෙරුණු ජනාධිපතිවරු අතරින් ඉතා අසරණම ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් ඔහුට අගමැතිවරයාත් කැබිනට් මණ්ඩලයත් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවැසීය.
අද (19දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“ජනාධිපතිවරණයට තව තිබෙන්නේ තව දින එකසිය විස්සක් පමණ කාලයක්. නමුත් රටේ ප්‍රධාන දේශපාලන ධාරාවන් ව්‍යාකූල වෙලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේ පක්ෂයේ සිටින්නේ තැන්පත් ජයග්‍රාහී ජයග්රාහි මානසිකත්වයක.
ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය පක්ෂයේ අභ්‍යන්තරයේ ප්‍රශ්න ඇතිවෙලා. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඇතුළු පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විදියට සජිත් ප්‍රේමදාස මහතාව යෝජනා කරනවා. නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ගැන කතා කරන්න එපා යි තමන්ගෙ මන්ත්‍රිවරුන්ට පවසා තිබෙනවා.
පහුගිය දවස් ටිකේ සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කරමින් කෑගහපු නීති විශාරද අජිත් පි පෙරේරාට පිට කොන්දක් තිබෙනවානම් තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට සජිත් ප්‍රේමදාස මහතා නම් කරන්නයි කියන කතාව දැන් කියලා පෙන්නන්න.
මෙතෙක් පත් කෙරුණු ජනාධිපතිවරු අතරින් ඉතා අසරණම ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. එතුමාට අගමැතිවරයාත් නැහැ කැබිනට් මණ්ඩලයත් නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් පත්කළ තේරීම් කාරක සභාවට ආරක්ෂක අංශ නිලධාරීන් යවන්නේ නැති බව සඳහන් කළා.
නමුත් වත්මන් කතානායක කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපතිවරයාව තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ.මේ දවස් වල ආරක්ෂක අංශ නිලධාරීන් තේරීම් කාරක සභාව හමුවට ගෙන්වමින් තිබෙනවා. මේ තේරීම් කාරක සභාව උත්සාහ කරමින් සිටින්නේ පසුව ඉරිදා සිද්ධියෙන් සියලු වගකීම් ජනාධිපතිවරයා පිට පැටවීමටයි.”

popular news
-
Kumar Wednesday, 19 June 2019 09:54 PM
රන්ජිත් මහත්මය නම් ඉන්නේ සිහින ලෝකයක. අපි මුලදී සිතුවේ පෙරාපු රත්තරන් කියල. මොනවා කරන්නද තුවාලයක් වුණාම එක සුව වෙනතෙක් ඉවසගෙන ඉන්න එපායැ. අපේ බලාපොරොත්තුව තව ටික කාලෙකින් යන්තම් හරි සුව ලැබෙයි කියලයි.
Reply : 0 0
Don Thursday, 20 June 2019 08:51 AM
කියන එක්කෙනා වගේම අසරණයි, මෝඩයි. කටවාචාලයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

