අවුරුදු 600ක් පැරණි චීන මැටි බඳුන් යාපනයෙන් හමුවෙයි
චීන ජාතික පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් විසින් යාපනය, අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ සිදු කරනු ලබන කැණීමකදී වසර 600කට වඩා ඉපැරණි, චීනයේ නිෂ්පාදිත මැටි බඳුන්වල කැබලි කොටස් රැසක් හමුවී තිබේ.
මීට වසර ගණනාවකට පෙර යාපනය කොටුව ආශ්‍රිතව පැවැති වාණිජ කටයුතු සඳහා චීනයේ සම්බන්ධයක් ඇතැයි තොරතුරු අනාවරණය වීමෙන් පසු චීන ජාතික පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් විසින් අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ විශේෂ කැණීමක් ආරම්භ කරනු ලැබීය.
එහිදී චීනයේ නිෂ්පාදිත ඉතා පැරණි මැටි බඳුන්වල කැබලි 654ක් චීන ජාතික පුරාවිද්‍යා නිලධාරීන්ට හමු වී ඇති අතර, එම කැබලි වසර 600කට වඩා පැරණි බවට එම චීන ජාතික පුරාවිද්‍යා නිලධාරීහු සැක කරති.
කෙසේ වුවද, හමු වූ මැටි බඳුන් කැබලිවල කාලනිර්ණය කිරීම සඳහා චීන ජාතික පුරාවිද්‍යා නිලධාරීන් විසින් එම කැබලි චීනයේ ෂැන්හයි විශ්වවිද්‍යාලය වෙත යැවීමට කටයුතු යොදා තිබේ.


popular news
-
rocky Thursday, 25 October 2018 08:42 AM
දැන් කවුරු හරි කියාවි ඒ කාලේ චන්ග් චුන් කියලා චීන ජාතිකයෙක් උතුරේ මහා ඇමති වෙලා හිටිය කියල!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

