අවිවාහක තරුණ තරුණියන්ට පර්චස් 55ක ඉඩමක්
අවිවාහක තරුණ තරණියන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දායක කර ගැනීම සඳහා එක්වරක් ලබාදෙන දිරිගැන්වීමක් ලෙස තමන්ගේම නිවසක් ඉදිකර ගැනීමට පර්චස් 15ක ඉඩමක් හා කෘෂි කාර්මික කාර්යයන් සඳමා පර්චස් 40ක වගා බිමක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබාදීමටත් තරුණ ගොවි සමූපකාර ගම්මාන වැඩසටහන හරහා ඔවුන්ව ජජාතික ආර්ථිකයට දායක කර ගැනීමටත් මේ හරහා අපේක්ෂා කරයි.
හම්බන්තොටදී පැවැත්වීමට නියමිත 2019 යොවුන්පුරය වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක වෙයි.
මේ සඳහා වන යෝජනාව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කර තිබේ.

popular news
-
Champa Thursday, 14 February 2019 04:53 PM
Too good to be true. යූඑන්පීකාරයෝ කවදාවත් රටේ ජනතාව ගැන හිතන ජාතියක් නෙමෙයි. අනික සජිත් කියන්නේ tainted ඉතිහාසයක් තියෙන මිනිහෙක්. චන්ද ළඟ එනකොට යූඑන්පීකාරයෝ නොයෙකුත් දේවල් කරනවා. Enterprise Lanka කියන එකත් ඒ වගේ. මිනිහෙකුගේ ආදායමට වඩා ඉතා වැඩි ණයක් දෙනවා. පොලිය ගෙවන්නේ මහජන මුදලින්. මේ ණය ගන්න මිනිස්සු කලෙකදී insolvent කියල කිව්වොත් මුළු ණයම ගෙවන්න වෙන්නේ ජනතාවට. මේ ඉඩම් ගැන කතාව පිටිපස්සේ වෙන දෙයක් තියෙන්න පුළුවන්. වහල් ආණ්ඩුව මුළු රටේම ඉඩම් විදේශිකයන්ට විකුණන එක ගැන රටේ විරෝධයක් තියෙන නිසා ආණ්ඩුව හදන්නේ මේ විදිහට ඉඩම් කට්ටි කරලා මිනිස්සුන්ට සින්නක්කර ඔප්පු දීල ඔවුන් මාර්ගයෙන් ඉඩම් ටික විදේශිකයන්ට විකුනන්න. වෙන අරමුණක් මෙතන නැහැ. ඒ මොකොද කිව්වා නම් සිංහලයන් අතලොස්සක් හැර අනුන්ගේ ඉඩම් ගන්න වත්කමක් නැහැ. වහල් ආණ්ඩුව රට විදේශිකයන්ට දෙන්න අලුත් මාර්ගයක් හොයා ගෙන. දැන් කොළොඹ හුඟක් ඉඩම් ගෙවල් අයිති විදේශිකයනට. ලයිකා මොබයිල් ගැන විමල් කිව්වා. ලංකාවේ හුගක් ඉඩම් අරන් තියෙන්නේ proxy companies වලින්. මී ආණ්ඩුව ගෙදෙර යැව්වහම එළිවෙයි.
Reply : 0 0
W Dhanapala Friday, 15 February 2019 06:45 AM
සජිත් මැති තුමනි, ඔබේ ඔය නිවාස සංකල්පය මදකට නවතා, හැකිනම් සුළු, මධ්ධියම හා මහා පරිමාණ කර්මත්ත අංශවලින් කුමක් හෝ විදේශ විනිමය උපයන වැඩපිළිවෙලක් තමයි දැන් රටට අවශ්ශවන්නේ. රටේ තියෙන බූමිය ඕන කෙනෙකුට විවිද කටයුතු සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එත් ඒ සඳහා ඔබ යොදවන්නේ ජනතා බදු මුදල් හා අනෙකුත් රටට ලැබෙන අදායම්ය. ඒ නිසා ඔබේ නිවාස වැඩපිළිවෙලට ඔබම අරමුදල් සොයාගන කරනවානම් තමයි වැඩ හොද. අනික තනිකඩ තරුනයෙක්ටම ප්ර්චෙස් 55 ක් දෙන්න යෝජනා කරන්නේ හොහේ තියන ඉඩම්ද. ඉස්තුති
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

