කොරෝනා වසංගතය හේතුවෙන් රටේ ඇති වි තිබෙනා අවධානම් සෞඛ්‍ය තත්වයත් සමග අනුරාධපුර පොත් වසන්තය ප්‍රදර්ශනය නැවත්විම සදහා තමන් පියවර ගත් බව අනුරාධපුර මහ දිසාපති නීතිඥ ආර්.එම් වන්නිනායක මහතා පවසයි.
කොවිඩ් 19 ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන අවස්ථාවක මෙවැනි ප්‍රදර්ශන පැවත්විමට ඉඩ දිම සම්බන්ධයෙන් නගරයේ බහුතරයක් ජනතාව විරෝධතාව පල කිරිම, පුවත්පත් වල පලවු අතර ඒ සම්බන්ධයෙන් කිපුණු සංවිධායකයින් දිනපතා පුවත්පත් කිහිපයකට මඩ ගැසීම සම්බන්ධයෙන් කල විමසීමකදි දිසාපතිවරයා මෙසේ පැවසීය.
පසුගිය (07දා)උදෑසන වෙන කොටම මේ ප්‍රදර්ශනය පැවත්විම පිළිබදව විවිධ පාර්ශව අප්‍රසාදය පල කලා. ප්‍රදර්ශනය පැවත්විම පූර්වාදර්ශයක් කරගෙන තවතව අය වෙනත් දේ කරන්න හදයි කියන ප්රශ්නය මතු වුනා. අනුරාධපුරයට කොරෝනා අවධානමක් නැති වුනත් අපි ඒ ප්‍රදර්ශනය දින කිහිපයක් තිබියදි අවසන් කරා. අවසර දෙන අවස්ථාවේ සෞඛ්‍ය ගැටලුවක් තිබ්බේ නෑ. නමුත් අපිට මේක නතර කරන්න සිදු වුනා. රජය උපදෙස් ලබාදිලා තියනවා මහජනතාව රැස්වෙන ප්‍රිය සම්භාෂන, රැස්විම්, ප්‍රදර්ශන නවත්වන්න කියලා," යැයි පැවසීය.
පවතින අවධානම් තත්ත්වය පිළිබඳව රජයේ නිලධාරින් දැනුම්වත් කර ප්‍රදර්ශනය නැවත්විමට මාධ්‍ය මගින් ගත් පියවර අගය කල යුතු බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ප්රමුඛ සෞඛ්‍ය අංශ රැසක් නීතිඥවරුන්, රාජ්‍ය නිලධාරින් ව්‍යාපාරිකයන්, නගරවාසින් ඇතුළු විශාල පිරිසක් සිය ප්‍රසාදය පල කලහ.