අලුත් ව්‍යවස්ථාවක් ගැන මම දැනුවත් නෑ - ජනපති
ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නේ නම් එහි දී ප්‍රමුඛත්වය හිමිවිය යුත්තේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කිරීම සඳහා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
හොඳ රටක් හැදීමට ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍ය වුවත් එහි දී තමා අපේක්ෂා කරන්නේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ වෙනසක් මිස අන් අරමුණු ඉටු කර ගැනීමේ වෙනසක් නොවන බවද ජනපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හොරණ ඓතිහාසික ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රජමහා විහාරස්ථානයේ පැවැති උත්සවයකට ඊයේ (31දා) පස්වරුවේ එක් වෙමිනි.
අලූත් ව්‍යවස්ථාවක් පිළිබඳ අද ඇතැමුන් කතා කළත් තමා අතට තවමත් එවැන්නක් පත්වී නොමැති බවත් ඒ පිළිබඳ දැනුවත්වීමක් ද සිදු වී නොමැති බවත් ඔහු සඳහන් කළේය.
ව්‍යවස්ථාවක් පිළිබඳ කතා කිරීම එක් පැත්තකින් දකුණේ බෞද්ධ ජනතාව නොසන්සුන් කිරීමක් වන අතර අනෙක් පැත්තෙන් උතුරේ ජනතාව රැවටීමක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නේ නම් එහි ප්‍රමුඛත්වය හිමිවිය යුත්තේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කිරීමට බව පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා තම සහයෝගය හිමිවන බව ද කියා සිටියේය.
ශක්තිමත් පාර්ලිමේන්තුවක් නොමැතිවීමේ අනිසි ප්‍රතිඵලය වන්නේ රටේ අනාගතය සඳහා අවශ්‍ය තීන්දු තීරණ කි‍්‍රයාවට නැංවීමට නොහැකිවීම මෙන්ම දේශපාලන ස්ථාවරත්වය ද අඩපණ වීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

popular news
-
Deepal Nirosh Friday, 01 February 2019 02:58 PM
ආ දැන් පත්තර කියවන්නෙ නැද්ද? නව ව්‍යවස්ථාවක් ගැන දන්නෙ නැතිනම් නව ව්‍යවස්ථාවක් එපා කියන්න. ඒ ඇති.
Reply : 0 12
dhamneth Friday, 01 February 2019 03:44 PM
ඔබතුමා හරියට හරි.තවම වෙයස්තාවක් හදල නැහැ කියනවා.දැනට ඔය ගිනි බෝලකාරයින් හා කසකරයින් පමණයි දඟලනවා පෙනෙන්නේ .
Reply : 0 0
Don Friday, 01 February 2019 08:04 PM
දැකලවත් නැති, කියවලත් නැති අලුත් ව්‍යවස්ථාවෙන් උතුර රවටා දකුණ අවුල්කරනවා කියන්නේ හර්ධ සාක්ෂියට අනුවද? අංජනම් බලලද? පැයක්වත් තනතුරේ ඉන්නේ නෑ කිව්වා වගේද?
Reply : 0 0
Champa Friday, 01 February 2019 09:51 PM
රටට අලුත් ව්‍යවස්ථාවක් කොහෙත්ම අවශ්‍ය නැහැ. අනික දැන් ඉන්න බලලෝභී දේශපාලකයෝ සීමා නිර්ණය වාර්තා හදන්නෙත් තමන්ගේ වාසිය බලල කොට, ව්‍යවස්ථාව වගේ රටේ ස්වාධීනත්වය, ඒකීයත්වය සහ ස්වෛරී භාවය තීරණය කරන උතුම්ම ලියවිල්ල හදන්න මේ දේශපාලකයන්ට බාර දීම සුදුසු නැහැ. 1988ට ඉස්සෙල්ල හිටපු දේශපාලකයෝ දේශපාලනයට ආවේ තනතුරු වලට, මුදලට සහ බලයට ආශාවේ නෙමෙයි. රට වෙනුවෙන් වැඩ කරන්න. කරපු හැම දේම හරි නැති වුනත් බලය මුල් කරගෙන වැඩ කරුවෙ නැහැ. නමුත් 1988ට පස්සේ රටේ බලය අර ගත්තේ ඊට් ප්‍රතිවිරුද්ධ අදහස් තියෙන මිනිස්සු. හේතුව නිදහස් ආර්ථිකය නිසා කුරුවල් වුනු මනස.1972 ජනරජ ව්‍යවස්ථාව හැදුවේ ලංකාවේ හිටපු ලොකුම සම සමාජ සහ කොමියුනිස්ට් මොළ කාරයෝ. ඊලඟට 1978 ව්‍යවස්ථාව හැදුවේ ලංකාවේ ඊළඟට හිටපු ලොකුම මොළකාරය. ඊට පස්සේ එහෙම ව්‍යවස්ථාව සම්බන්ධ මොළ කාරයෝ කවුරුත් වත් දේශපාලනයේ හිටියේ නැහැ. අද පැහැදිලිවම පේන විදිහට ජේ ආර් 1978 ව්‍යවස්ථාව හදල තියෙන ලාකාවේ අනාගතය ගැන හිතල. ඒ හින්ද මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න කිසිම හේතුවක් නැහැ පෞද්ගලික බලලෝභී දේශපාලන අරමුණු වෙනුවෙන් හැර. වෙන රටවල ව්‍යවස්ථා අවුරුදු 150, 200 පරණයි. මංකොල්ල කන්න නොදී මේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

