බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනකු සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු අටදෙනකු ඇප මත මුදාහැරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.
මෙම නඩුව විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීය.
එක් එක් විත්තිකරු රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිණ.
නඩුව නැවතත් අගෝස්තු මස 30 වන දා කැඳවීමට නියමිතය. නඩුවේ විත්තිකරුවන් අතර වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්යක්ෂවරයකු වන උපාලි පද්මසිරි සහ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව කටයුතු කළ ලිපිකාරිනිය වන ප්‍රියංකා සංජීවනී යන අය ද සිටිති.
