අල්ලස් නොගෙන සිදු කරන එකම ගරු රාජ්‍ය සේවය හෙද සේවයයි - මහින්ද
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සම්මේලනය ඊයේ (02) කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
එහිදී පැමිණ සිටි පිරිස ඇමතූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ,
“හෙද සේවාව අප රටේ ක්‍රියාත්මකවන රාජ්‍ය සේවාවන් අතර ඉතාම සංවේදි එසේම ජනජීවිතයට නැතුවම බැරි වෘත්තීය සේවාවක් බව මුලින්ම සඳහන් කරන්නට කැමතියි. රාජ්‍ය සේවයේ අල්ලස් ගන්න බවට චෝදනාවක් නැති එකම සේවය හෙද සේවයයි. හෙද සේවය කියන්නෙ ගරු සේවයක්.
අප රටේ සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යන දසදහස් ගණනක් වූ වෛද්‍යවරුන් සහ අනෙකුත් පරිපූරක වෛද්‍ය සේවාවල නියුතු අය අතර, හෙද නිලධාරීන්ට ද ලැබෙන්නේ ඉතා සුවිශේෂී ස්ථානයක්. අපගේ රෝහල් සේවා පද්ධතිය පවත්වාගෙන යාම සඳහා හෙද සේවාවෙන් ලැබෙන පිටිවහල අප්‍රමාණයි.
මෙවැනි බලවත්, එසේම සංවේදී සේවාවක් කළමනාකරණය කරමින්, එම සේවාවේ නියුතු නිලධාරීන්ට මුහුණපාන්නට සිදුවන වෘත්තීයමය ගැටලූ නිරාකරණය කිරීම සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පිහිටුවා ගනිමින්, සභාපතිවරයා හැටියට එම සංගමයට නායකත්වය දෙමින්, ගරුතර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද මාහිමිපාණන්වහන්සේ පසුගිය දශක කිහිපයක් තුළ ඉටු කරන සේවාව මේ අවස්ථාවේ දී අප සියලූදෙනාම කෘතවේදීව අගය කළ යුතු වෙනවා. හෙද සේවාවේ ගුණාත්මක බවද, වෘත්තීමය තත්ත්වය ද ආරක්ෂාකර ගනිමින් ඔවුන්ට හිමි වරප්‍රසාද ලබා දීම සඳහා ගරුතර නාහිමිපාණන්වහන්සේ එදා සිට ක්‍රියාකරන ආකාරය ප්‍රශංසනීයයි. උන්වහන්සේට මෙම කටයුතු තවත් දීර්ඝ කාලයක් ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය නිරෝගී සුවය ශක්තිය හා ධෛර්ය ලැබේවායි මා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.
හෙද සේවාව සම්බන්ධයෙන් මතු වි තිබුණු ගැටලූ රැසක් විසඳීම සදහා අපේ රජය විසින් පියවර රාශියක් ගත් බව අපට මතකයි. ඒ සම්බන්ධයෙන් මීට පෙර කරන ලද කතාවලදී ද සඳහන් වුණා. එහෙත් වර්තමාන රජය බලයට පත් වූ දින සිට හෙද සේවාවට අදාල වූ ප්‍රශ්න විසඳීම වෙනුවට එම ප්‍රශ්න අවුල් කිරිමට ක්‍රියාකළ ආකාරයක් අපට පෙනෙන්නට තිබෙනවා. හෙද සේවාව තුළ දැනට නොවිසඳී පවතින ප්‍රශ්න කිහිපයක් පිළිබඳව අප දැනුම්වත්ව සිටිනවා. ඒ ගැන මෙම සමුළුවේදී ද සඳහන් වුනා.
ඉන් එක ඉල්ලීමක් වන්නේ ජ්‍යෙෂ්ඨ හෙද හෙදි නිලධාරීන්ට එම ක්ෂේත්රයේ උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා දැනට තිබෙන ඉඩකඩ පුළුල් කර දෙන ලෙසයි. මේ පිළිබඳව නුදුරු දිනකදී බලයට පත්වන අපගේ රජයක් විසින් විශේෂයෙන් සලකා බැලිය යුතුයැයි මා විශ්වාස කරනවා. විදේශීය පුහුණුව සහ පළපුරුද්ද ලබා ගැනීමට අවස්ථාව සලසා දීම මෙහිදී වැදගත් වෙනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

popular news
-
Champa Tuesday, 03 September 2019 03:50 PM
පොහොට්ටුව හිටු කියල කාන්තාවන්ට පොරොන්දු දෙනවා. කාන්තා සම්මේලනයකුත් තිබ්බ. හැබැයි පිරිමින්ටත් දෙන්න පොරොන්දුවක් තියෙනවා. දැන් පොහොට්ටුව පාර්ලිමේන්තු පළාත් සභා ප්‍රාදේශීය මන්ත්‍රීවරු ඇතුළු රටේ පිරිමින් ගෙනල්ල සම්මේලනයක් තියල බැසිල් රාජපක්ෂගේ පටන් රාජපක්ෂ මහත්වරු තමන්ගේ දේශපාලක සගයන්ට සහ රටේ පිරිමින්ට පොරොන්දුවක් දෙන්න ඕනේ "තමන් බලයට පත් වුනහම අනුන්ගේ බිරියන් හොරකම් කිරීමෙන් වලකිමි" කියල. රාජපක්ෂ මහත්තුරු හිතනවා අනාචාරයේ හැසිරීමට තමන්ට ලයිසන් එකක් තියෙනව කියල. බලයේ ඉන්න කොට විතරක් නෙමෙයි බලයේ නැති කොටත් අනුන්ගේ බිරියන්, විශේෂයෙන් තමන්ගේ දේශපාලක සගයන්ගේ බිරියන් (බහු වචන) සොරකම් කිරීම කරනවා. ලැජ්ජයි. 2010-2015 කාලේ රටේ ඉතා සීඝ්රයෙන් විෂමාචාර වැඩි වුනා. හැම තැනම ගණිකා නිවාස ඇති වුන. ලාබාල දරුවන් සහ කාන්තාවන් දූෂණය කිරීම, ළමා අපචාර ඉතා විශාල වශයෙන් සිදුවුණා. 2012 විතරක් 8749ක්. තව රාජපක්ෂ සගයෙක් කාන්තාවන් 100ක් දූෂණය කරලා තිබුන. රාජපක්ෂ මහත්වරුනට කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා කරන්න බැරි බව ඔප්පු කරලා ඉවරයි. අද වෙනකොට ගෙදරවල් වලට පැනල නාකි පරයි කිරි දරුවන් දූෂණය කරන තරම් භයානක යුගයක් තියෙන්නේ.
Reply : 0 0
Nandana Tuesday, 03 September 2019 09:25 PM
Meya kiyana vidihata Anith Hama rajaye sewakayo pagawa gannawa?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

