අගුණකොලපෑලැස්ස මහවැලි කොට්ඨාස කාර්යාලයේ කොට්ඨාස කළමනාකාරවරයාට රුපියල් විසිදහසක (20000) අල්ලස් මුදලක් දීමට පැමිණි චීන ජාතිකයෙකු අදාළ නිලධාරියා විසින් පොලිසිය වෙත බාරදී තිබේ .
අද (29දා) පෙරවරුවේ මේ අකාරයෙන් අල්ලස් දීමට පැමිණ ඇත්තේ ගල්වළක් සඳහා අවසර ගැනීම වෙනුවෙනි.
චීන ජතිකයාගෙන් අගුණකොලපෑලැස්ස පොලීසිය විසින් ප්රකාශ සටහන් කර ගනිමින් ඇති අතර අද (29දා) දින අගුණකොලපෑලැස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
රාහුල් සමන්ත