අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යොදා ගනිමින් පසුගිය ආණ්ඩුව සිදුකළ දේශපාලන පළිගැනීම් විමර්ශනය කිරිම සඳහා ජනපති කොමිෂසමක් පත්කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අතර රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳවද මේ හරහා සළකා බැලීමට නියමිතය.
මෙම කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරිම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකිරිමට නියමිතය.
අගතියට පත්වූවන්ට සහන සැලසීම අරමුණු කරගනිමින් මෙම කොමිෂන් සභාව පත්කර තිබේ.