අල්ලස හා දුෂණය තුරන් කිරීමේ අභියෝගය නව රජය සතුයි
අල්ලස හා දුෂණය සම්බන්ධයෙන් වන සෝදිසි මෙහෙයුම් විධිමත් කර සුපිළිපන් රාජ්‍ය සේවාවක් බිහිකර ගැනීමේ වගකීම නව ජනාධිපතිවරයා සහ රජය හමුවේ ඇති බව කැෆේ සංවිධානය කියයි. එහි අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය ජාත්‍යන්තර අල්ලස් හා දූෂණ විරෝධී දිනය නිමිත්තෙන් රාජගිරියේ පැවැති වැඩසටහනකට එක් වෙමින් මේ බව කියා සිටියාය.
එහිදී ඇය පෙන්වා දුන්නේ නව ජනාධිපතිවරයා ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අල්ලස හා දුෂණය තුරන් කරන බව දක්වා ඇති බවයි. ඒ අනුව යමින් අල්ලස හා දුෂණය තුරන් කිරීමේ පුළුල් වැඩපිලිවෙළක් සකස් කිරීම නව රජය සතු වගකීමක් වන බව ඇය පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීම තවදුරටත් අසීරු වීමට ප්රබලතම හේතුවක් ලෙස මෙම අල්ලස හා දුෂණය දැක්විය හැකි බව ඇය පෙන්වා දුන්නාය. එදා මෙදා තුර අල්ලස හා දුෂණය නිසා ඇති වන අතුරු ප්‍රතිඵල නිසා සමාජයීය මහ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති පසුබෑම අතිශය ප්‍රබල බව ඇය සඳහන් කළාය.
රාජ්‍ය යාන්ත්‍රණය තුළ අල්ලස හා දුෂණය ප්‍රබල ලෙස ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන ආරියවංශ මහත්මිය කියා සිටියේ ඒ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

