අරාබි විද්‍යාලයක මව්ලවිවරයෙකු හා එහි භාරකරු පොලිස් භාරයට
අනුරාධපුර, පරසන්ගස්වැව, අසිරික්ගම ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක් බවට සැක කෙරෙන ඉඩමක ඉපැරණි චෛත්‍යයක නටඹුන් සහිත ස්ථානයක ඉදිකර තිබූ අරාබි විද්‍යාලයක, මව්ලවිවරයෙකු හා එහි භාරකරු ඊයේ (25දා) වැඩිදුර විමර්ශන සඳහා පරසන්ගස්වැව පොලීසියට භාරදීමට යුද හමුදාව කටයුතු කර තිබේ.
භූමි ප්‍රදේශයට අයත් ඉඩම පරීක්ෂා කිරීමේදී එහි බලපත්‍ර ව්‍යාජ ලෙස සැකසූ ඒවා බවට අනාවරණය වී තිබේ.
එම අරාබි විද්‍යාලය ඉදිකර තිබෙන අසිරික්ගම අක්කර 5ක පමණ භූමි ප්‍රදේශයට අමතරව ඊට යාබද පලුගස්වැව රක්ෂිතයේ කොටසක්ද කපා දමා තිබේ.
සෝදිසි මෙහෙයුම් කිරීම් අතරතුර යුද හමුදාව විසින් පුරාවිද්‍යා නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් අතර, එහි පැමිණි පුරාවිද්‍යා නිලධාරීන් විසින් එම භූමිය පරීක්ෂාවටද ලක්කර අතර, මෙම ඉඩම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වන බව අනාවරණය වී තිබේ.

popular news
-
ඉලේපෙරුම Sunday, 26 May 2019 11:05 PM
මේ ගමේ නම ආසිරිගම, අසිරික්ගම නොවෙයි. ආසිරිගම කියන නම දෙමළෙන් ලියා නැවත උච්චාරණය කරන විට ඇතිවන විකෘතියක් තමා අසිරික්ගම කියන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

