අර්තාපල් වගාව ඉහළ නැංවීම තාක්ෂණය ඉන්දියාවෙන්

ශ්‍රී ලංකාවේ අර්තාපල් වගාව 80%කින් ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමට ඉන්දියාවේ බී.වී.ජී. ඉන්දියා සමාගම එකඟතාව පළ කර තිබේ.
ඒ එම සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්යක්ෂ H.R. Gaikwad මහතා සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදීය.
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට මෙට්‍රික් ටොන් 04ක් පමණ වන හෙක්ටයාරයකින් ලබාගන්නා අර්තාපල් අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 13 දක්වා ඉහළ නැංවිය හැකි නව තාක්ෂණය සහ අර්තාපල් ප්‍රභේද හඳුන්වාදීමට සභාපතිවරයා එහිදී එකඟතාව පළ කර ඇත.
එසේම කාබනික ගොවිතැන, කෘමිනාශකවලින් තොරව පළිබෝධ හානි අවම කිරීමට පියවර ගැනීම, කෘමි හානිවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති බෝග හඳුන්වාදීම, හිරු එළිය භාවිතයෙන් ක්‍රියාත්මක වන කෘමීන් හසුකර ගැනීමේ උගුල් හඳුන්වා දීම සහ ඒවා භාවිත කරමින් පළිබෝධ හානි වළක්වාගැනීමට කටයුතු කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ අර්තාපල් වගාව වැඩිදියුණු කිරීම ආදිය ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ.
අමාත්‍ය මහින්ද අමරවිර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ බී.වී.ජී. සමාගම සමග හවුල්ව ඒකාබද්ධ ආදර්ශ ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කර අදාළ නව තාක්ෂණය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
popular news
-
Champa Thursday, 13 September 2018 10:56 PM
මේ කියන ඔක්කොම අපේ මිනිස්සුන්ට කරන්න පුළුවන්. ඉන්දියාව ඕනේ නැහැ. මේ ව්‍යාපෘතිය දේශීය ව්‍යවසායකයන්ට දෙන්න ඕනේ විදේශීය ආයෝජකයන්ට දෙන සියලු වරප්‍රසාද සමඟ. හොඳ වැඩේ 62 ලක්ෂෙ අම්බරුවන්ට. මහා ලොකුවට මෛත්‍රීට චන්දෙ දුන්න. මහින්දගේ කාලේ මේ වගේ අපේ කර්මාන්ත විදේශිකයන්ට දුන්නේ නැහැ. හැම ලොකු කර්මාන්තේම ඉන්දියන්කාරයෝ අල්ලාගෙන. රට පාවාදෙන ආණ්ඩුවේ සියලු ද්‍රෝහීන්ගේ වත්කම් දේපල රාජසන්තක කරන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

