අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1.157ක් හා හසීස් ග්‍රෑම් 413ක් සිය සන්තකයේ තබා ගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකුට ලැබුණ තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. වත්තල නිවසකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට පත්ව ඇති සැකකරු අවුරුදු 38ක් වන වත්තල පදිංචි සෙල්වකුමාර් සේල්වදොරෝ නොහොත් කුමාර යන අයකි.
සැකකරු සන්තකයේ තිබී මුදලින් රුපියල් 124980ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
