මත්ද්‍රව්‍ය ලෝලීන් අතර අයිස් නමින් හඳුන්වන , මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (19) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය .
මෙම අයිස් මත්ද්‍රව්‍ය මෙතැම්පටමයින් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන අතර , කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ වල , මෙම මත්ද්‍රව්‍ය විශාල මිල ගණන් යටතේ අලෙවි කරන බව රේගුව පවසයි .
මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට රැගෙන ආ පුද්ගලයා 29 හැවිරිදි ඉන්දීය ජාතික පිරිමියෙකි .
ඔහු අද දින අලුයම 1.40 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 001 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ පිහිටි , ප්‍රකාශයට පත් කර තීරු බදු ගෙවා ගමන් මලු රැගෙන යන" රක්ත මාවත " ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් , ඔහුගේ ගමන් මල්ලේ සඟවා ගෙන තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ .
එහි රුපියල් අසූ හය ලක්ෂ හතලිස් දෙදහස් එකසිය පනහක් වටිනා මෙම මත්ද්‍රව්‍ය තොගය පාර්සල් දෙකක් ලෙස සකස් කර තිබූ අතර , ඒවායේ මුළු බර ග්‍රෑම් 864.215 ක් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .
කටුනායක - ටි.කේ.ජි කපිල
