කයිට්ස්, තිරතිව් දූපතේ පඳුරක් අසළ පොලිතීන් කවරයකින් ආවරණය කර සඟවා තිබන ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් සැකකරුවෙක් නොමැතිව අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
ඊයේ (14දා) පෙරවරුවේ මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. යුද හමුදා බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් අනුව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මෙම සොයාගැනීම සිදුකර තිබේ.
