දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් ක්‍රියාත්මක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිවයිනේ ප්‍රදේශ රැසකින් අනතුරු වාර්තා වුණා.
දෙමෝදර 10 කණුව අසල පස් කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. ඊයේ දිනය පුරා ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව නිසා මෙම අනුතර සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. පස්කන්ද සමග විශාල ගස් දෙකක් ද මහාමාර්ගය මතට කඩාවැටී තිබුණා. ප්‍රදේශයේ විදුලි සහ දුරකතන සබදතාවලට ද මෙමගින් බලපෑම් එල්ලවි තිබේ .
පැවති අධික වර්ෂාවත් සමග වැලිමඩ නුවඑළිය ප්‍රධාන මාර්ගයේ රේන්දපොල සිට බෝඹුරු ඇල්ල දක්වා මාර්ගයට ස්ථාන කීපයක දී පස්කදු කඩාවැටී තිබෙනවා. මේ හේතුවෙන් ගමනාගමනයට දැඩි ලෙස බාධා එල්ලවි තිබේ.
මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් නගරයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යටවුණා. හැටන් නගරයේ ෆාඩ්සිටි ගොඩනැගිල්ල අසල සිට මල්ලියප්පුව දක්වා ප්‍රධාන මාර්ගයේ කොටසකුයි මෙලෙස ජලයෙන් යටවුණේ. අධික වර්ෂාව සමග කෙසෙල්ගමු ඔය ද පිටාර ගලා ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකයේ සහකාර අධ්යක්ෂ රංජිත් අලහකෝන් මහතා පැවසුවා. මේ හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම්වල පිහිටා ඇති වතු මාර්ග කීපයක් ද ජලයෙන් යටවුණා.
බදුලු ඔය පිටාර ගැලීම නිසා නිවාස 210 ක් බලපෑමට ලක්වි තිබේ.
සුමනතිස්සගම, දෙයියන්නේවෙල, යාල්පානම් වත්ත ඇතුළු ප්‍රදේශ මෙලෙස ජල ගැල්මෙන් බලපෑමට ලක්වුණා.
පැවති අධික වර්ෂාවත් සමග ආමර් වීදිය තොටළග සහ නාගලගංවීදිය ප්‍රදේශ ජලයෙන් යටවුණා. ආමර්වීදිය ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද පැවත තිබේ.